යාපනය මූලායි ප්රදේශයේදී ඊයේ (20දා) රාත්රියේ සිදුවූ යතුරුපැදි අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවට යාපනය පොලීසිය පැවසීය.
මූලායි සහ මාවඩි මාර්ගයේ කාලි හින්දු කෝවිල අසලදී යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටී ඇති අතර යතුරුපැදිකරුවන්ගේ අධික වේගය සහ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුව බවටද පොලීසිය අනාවරණය කොට ගෙන ඇත.
අනතුරින් එක් අයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර බරපතල තුවාල ලබා ඇත්තේ යාපනය සරසවියේ ඉගෙනුම ලබන සිසුවෙකු බවටත් අදාල සිසුවා යාපනය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබන බවටද වාර්ථා වෙයි.
මෙලෙස අනතුරින් මිය ගොස් ඇත්තේ කරෙයිනගර් ප්රදේශයේ පදිංචි 49 හැවිරිදි සංකරපිල්ලෙයි නිත්යානන්දරාසා නැමති අයෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

