නීති විරෝධිව බලපත්‍ර නොමැතිව තේක්ක සහ කොහොඹ දැව තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් හුංගම පොලිස් වසමේ මාමඩල ඩී.2 ඇල ප්‍රදේශයේ දී අද (21දා) උදේ අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නන්දසිරි ගමගේ මහතා පැවසීය.
දැව තොගය සමඟ ට්‍රැක්ටර් රථයේ රියදුරු සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම සකස් කරන ලද කොහාඹ හා තෙක්ක දැව තොගය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් බව පොලීසිය කියයි.
මෙලෙස හොරට දැව ප්‍රවාහනය සිදු කරන බවට තොරතුරු ලැබී තිබූ අතර වෙනත් රාජකාරියක් සඳහා නිලධාරීන් එම ප්‍ර දේශයට ගොස් සිටිය දී උදෑසන කාලයේ මෙලෙස දැව තොගය කළු ඉටිකොලයකින් වසා ප්‍රවාහනය කරමින් සිටිය දී අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.
අත් අඩංගුවට ගත් දැව තොගය වැඩිදුර පරීක්ෂාව සඳහා දැව සංස්ථාවට සාම්පල් යැවීමට කටයුතු කර තිබෙන අතර ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා හුංගම පොලිස් ස්ථානයට බාරදීමට පියවර ගත් බව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පැවසීය.

