ශ්‍රී ලංකාව චීනයෙන් ඇති ණය අධාර ඉල්ලා ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂෙන්හොන් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කරනුයේ ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඇමරිකානු ඩොලර් බිලියනයක ණයක් හා භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණය පහසුකමක් චීනයෙන් ඉල්ලා ඇති බවයි.
එමෙන්ම මේ වනවිට චීනය විසින් ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක මූළ්‍ය පහසුකම් ශ්‍රී ලංකාව වෙත සපයා ඇතැයිද ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ දක්වා හොඳ වාර්තාවක් තබා ඇති බවත් තානාපතිවරයා සඳහන් කරයි.
එමෙන්ම ශ්‍රී ලංකාව මෑතක සිදුකරන ලද ලද මෙම ඉල්ලීම චීනය විසින් සලකා බලමින් සිටින බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.