saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5855 hours ago

LATEST

කොංගෝව වෙත තවත් චීන එන්නත් පරිත්‍යාගයක්

calendar_today 2022 ජන 22 - 22:15 remove_red_eye - 115  

කොවිඩ්-19ට එරෙහිව හැකි ඉක්මනින් ප්‍රජා ප්‍රතිශක්තිය ලබාගත හැකි වන පරිදි එන්නත් විද ගන්නා ලෙස කොංගෝ ජනරජයේ ජනතාවගෙන් ඉල්ලා සිටි මොන්කා, චීන එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර ඇති බවත්, ඒවා ආරක්ෂිත සහ ඵලදායී එන්නත් බවත් අවධාරණය කළේය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ජපන් රජය විසින් පිරිනමනු ලබන “සූර්ය ස්වර්ණ” සම්මානයෙන් පිදුම් ලැබු අතර, එම සම්මානය පිරිනැමීමේ උත්සවය අද (22දා) පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක මහා විහාරයේ දී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

මහල් 20කින් යුතු ගොඩනැගිල්ලේ 18 වැනි මහලෙන් දුම් පිටවන අයුරු රූපවාහිනී දර්ශනවල දැකගත හැකිවූ අතර, තුවාල ලැබූවන් වහාම අසල රෝහල්වලට ඇතුළත් කර තිබුණි.

Read More

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය සිය ධුරයෙන් තාවකාලිකව ඉවත්ව තිබේ.

Read More

වයස අවුරුදු 12ට වැඩි ස්වීඩන ජාතිකයන්ගෙන් 83%කට වඩා සම්පූර්ණයෙන්ම එන්නත් කර තිබුණත්, එන්නත් ලබානොගත් පිරිස හා බූස්ටර් මාත්‍රා ප්‍රතික්ෂේප කරන පිරිස රට තුළ ව්‍යසනයක් නිර්මාණය කරමින් පවතින බව සඳහන් වෙයි.

Read More

ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි, ජනවාරි 24 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට පෙර, පක්ෂ අතර සාකච්ඡා සඳහා ඇති බාධාව ඉවත් කරමින් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව දන්වා තිබේ.

Read More

ඉවසීමෙන් හා සැලසුම් සහගතව ගත් තීරණයන්හි ප්‍රතිඵල වර්තමානයේ යථාර්ථයක් බවට පත් වෙමින් තිබේ. දූරදර්ශි සහ ප්‍රායෝගික දැක්මක් සහිත නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසය තබමින් ජනතා අපේක්ෂාවන් ජයග්‍රහණය කරවීමට එක්වීම සියලු පාර්ශ්ව සතු වගකීමක් බව මහා සංඝරත්නය පෙන්වා දෙති.

Read More

ශ්‍රී ලාංකේය කතානාද සිනමාවට වසර 75ක් සම්පූර්ණ වීම හා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ සමරු උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21දා) ජාතික චිත්‍රපට සංස්ථාවේ දී පැවැත්විණි.

Read More

කීර්ති මන්ත්‍රීරත්න මහතා විසින් පරිත්‍යාග කළ නවීන බස් රථය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21දා) අරලියගහ මන්දිරයේ දී කොළඹ රාජකීය විද්‍යාලයට පිරිනැමිණි.

Read More

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වතු , ග්‍රාමිය සහ නගරබද පාසල් වල පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටින සිසු සිසුවියන් වෙනුවෙන් ප්‍රධාන විභාග මධ්‍යස්ථාන 34 ක් ස්ථාපනය කර ඇති බවත්, එම ප්‍රධාන විභාග මධ්‍යස්ථාන 34 තුල අනු විභාග මධ්‍යස්ථාන කිහිපයක්ද ස්ථාපනය කර ඇති බවත්, එම මධ්‍යස්ථාන වල සිසු සිසුවියන් 4186 දෙනෙකු විභාගය සදහා පෙනි සිටින බව හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙකු පැවසීය.

Read More

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ප්‍රදේශ රැසකින් අල්ලා ගන්නා ලද විශේෂ සත්ත්ව කාණ්ඩ 23 කට අයත් සතුන් 529 ක් හා ශාක කොටස් රැසක් ජාන කොල්ලයක නිරතවීමේ අරමුණින් මෙරටින් හොර රහසේ රැගෙන යාමට තැත් කරන ලද රුසියානු ජාතිකයන් තිදෙනෙකුට රුපියල් 8,655,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් ජී. ජී. පී. ජයසිංහ මහතා ඊයේ (21දා) නියෝග කළේය.

Read More

පහ වසර ශිෂ්‍යත්ව විභාගය අද (22දා) දින මධ්‍යස්ථාන 2,943කදී පැවැත්වෙන අතර, විභාගය උදෑසන 9.30ට ආරම්භ වන බැවින් පැය භාගයකට පෙර දරුවන් විභාග මධ්‍යස්ථානවලට රැගෙන එන ලෙස විභාග දෙපාර්තමේන්තුව දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතී. තරමක සීතල කාලගුණ තත්ත්වයක් හිමිදිරි උදෑසන අපේක්ෂා කළ හැක.හිමිදිරි උදෑසන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී.

Read More

’’එය ජනගහනය තුළ ප්‍රතිශක්තිකරණයට වඩා ප්‍රතිරෝධී වීම විය හැකියි. එය තවත් ආසාදනය කිරීමට ඉඩ සලසන්න පුළුවන්. අපි තවමත් දන්නේ නැහැ,’’ ඔහු පැවසුවේ, මුලින් ඔමික්‍රෝන් හෙවත් BA.1 ආසාදනය වූ පුද්ගලයින්ට ඉක්මනින් BA.2 ආසාදනය වීමෙන් ප්‍රතිශක්තිය හීනවිය හැකි බවයි.

Read More

උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසික ඉහළ යෑම හේතු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත්, කොළඹ 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අද (21දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිරීක්ෂණය කළේය. පැය තුනකට ආසන්න කාලයක් නිලධාරීන් සහ සේවකයන් සමග සාකච්ඡා කරමින් කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග සොයා බැලීය.

Read More

චීන ජනාධිපති ෂී ජින්පිං විසින් එරට හමුදා සහ සන්නද්ධ පොලිස් නිලධාරීන් හත් දෙනෙකු චීනයේ ක්‍රියාකාරී සේවයේ නියුතු නිලධාරීන් සඳහා පිරිනමන ඉහළම නිලය වන ජෙනරාල් නිලයට උසස් කරන ලදී.

Read More

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 184කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකින් සමන්විත වූ එක්දින තරගාවලියද 2-1ක් ලෙස ජයග්‍රහණය කළේය.

Read More

විදේශ අමාත්‍යාංශයට අනුව මේ වන විට දළ වශයෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 22,000ක් පමණ දකුණු කොරියාවේ රැකියාවල නිරතව සිටිති. 2019 වර්ෂයේ දී ඔවුන් දළ වශයෙන් ඩොලර් මිලියන 520ක් මෙරටට එවා තිබේ. දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවල දායකත්වය මුළු විදේශ ප්‍රේෂණවලින් සියයට 7.75% ක් වන අතර එය ශ්‍රී ලංකාවේ මුළු දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.62% ට සමාන වේ.

Read More

ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් අවුලුවාලූ ආසාදනයන් වැඩිවීම මධ්‍යයේ යුරෝපීය සංගමයේ සෞඛ්‍ය ඇමතිවරු සිකුරාදා කොවිඩ්-19 එන්නත්වල සිව්වැනි මාත්‍රාවක් ලබාදීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන්ද අවධානය යොමුකර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද දිනයේදි ලක්ෂ 6 සීමාව ඉක්මවා ගියේය. ඒ තවත් ආසාදිතයන් 840ක් අද දිනයේදී වාර්තා වීමත් සමගිනි.

Read More

කොවිඩ්-19 වසංගතය, දේශගුණික අර්බුදය සහ සෑම තැනකම ගැටුම් ඇති කර ඇති භූ දේශපාලන ආතතීන් හේතුවෙන් වසර පහකට පෙර පැවති ලෝකයට වඩා බොහෝ ආකාරවලින් ලෝකය නරක අතට හැරෙන බව සිය දෙවැනි ධුර කාලය ආරම්භ කළ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.

Read More

ගාල්ල රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් 42කට කොවිඩ් 19 ආසදනයවී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් 64 දෙනකුට කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේ දී මේ බව තහවුරු වී තිබේ.

Read More

බූස්ටර් එන්නත් මාත්‍රා ලබාගැනීම අඩු වුවහොත් එම අගය ලක්ෂ 600,000ක් දක්වා වුවද ඉහළ යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කාල් ලෝටර්බැක් පවසයි.

Read More

වර්තමානයේ ශ්‍රී ලංකාවට අත්‍යාවශය සහල් වැනි භාණ්ඩ සපයා ගැනීම සඳහා චීන සහනාධාර පහසුකම් උපයෝගී කර ගැනීමේ ඉඩකඩ විමර්ශනය කිරීමට චීනය හා ශ්‍රී ලංකාව එකඟ වී ඇති බව රජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කූඩුවක සිටි රුපියල් ලක්ෂ එක හමාරකට ආසන්න වටිනාකමකින් යුත් නිල් මාල ගිරවකු 2021 මැයි මසහත්වන දින සිට අතුරුදන්ව ඇති බවට සත්වෝද්‍යාන නිළධාරීන් විසින් දෙහිවල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව දෙහිවල ජාතික සත්වෝද්‍යාන ප්‍රකාශකයෙකු පැවසීය.

Read More

හැටන් නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ දික්ඔය පුදුකාඩු ප්‍රදේශයේ කාසල්රි ජලාශ රක්ෂිතයේ අද (21දා) ගින්නක් හටගෙන තිබේ. සිඝ්‍රයෙන් පැතිරුණු ගින්නෙන් අක්කර දෙකක පමණ කොටසක් ගිනිගෙන විනාශ විය.

Read More

මෙම වසරේ ජනවාරි මුල් සති දෙකට ඩෙංගු රෝගීන් 4138ක් වාර්තා වේ. ඩෙංගු වසංගත තත්වයක් දක්වා ඇතීවීම වැලැක්වීම සඳහා “පිරිසිදු පරිසරයක් - නීරෝගීමත් හෙටක් ”මැයෙන් දීපව්‍යාප්ත ඩෙංගු මර්ධන වැඩසටහන 2022 ජනවාරි මස 20 වන දින පළාත් සභා හා පළාත්පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් මත පළාත් සභා හා පළාත්පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය මගින් ආරම්භ කරන ලදී.

Read More

යාපනය ඥානවෛරවර් දේවස්ථානයේ පැවැති පට්ටිපෙන්ගල් උත්සවයේදි කොමාතා විශේෂ උත්සවයක් පැවති අතර එහිදි මෙවර තෛපොංගල් උත්සවයේ ගවඝාතනය නතර කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගන්නා වු ක්‍රියාමාර්ගයට උපහාර පිදීමක් සිදු කෙරිණි.

Read More

කැබිතිගොල්ලෑව පදවිය ප්‍රධාන මාර්ගයේ මහනැටියාව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.