මාස දෙකකට පසු නැවතත් පෙරේදා (28දා) ආරම්භ කළ සපුගස්කන්ද තෙල් පිරිපහදුව කාර්මික දෝෂයක් හේතුවෙන් අද (30දා) ක්රියාවිරත වූ බව වාර්තා වේ.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සුළු තාක්ෂණික දෝෂයක් වාර්තා වී ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කාර්මිත ශිල්පීන් විසින් එය යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.