ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා රටවල් කිහිපයක් සමග කර ඇති සාකච්ඡා සාර්ථක වී තිබේ. එම නිසා පොහොර හිඟය හෝ වෙනයම් හේතුවක් පාදක කරගනිමින් යල කන්නයේ වගාව අතනොහරින ලෙස ජනාධිපතිවරයා සියලුම ගොවීන්ගෙන් ඉල්ලා සිටි.
යල කන්නයේ වගා කටයුතු සහ ඉදිරියේ දී ඇති විය හැකි ආහාර හිඟය අවම කරගැනීම පිළිබඳ අද (30දා) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
පොහොර ගෙන්වීම, බෙදාහැරීම, නිසි කළමනාකරණය, දැනුවත් කිරීම, ගොවීන් සහ නිලධාරීන් අතර සම්බන්ධීකරණය සඳහා ජාතික පොහොර ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් විය යුතුව ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබීය. ගොවියාගේ කැමැත්ත පරිදි රසායනික හෝ කාබනික පොහොර යොදාගනිමින් වගා කටයුතු සිදු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම ලබාදිය යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.
යල කන්නයේ වගාව සඳහා යොදා නොගත් කුඹුරු හඳුනාගෙන මුං, කව්පි, සෝයා ඇතුළු අත්‍යාවශ්‍ය භෝග වගාවට උනන්දු කරවීමෙන් ගොවීන්ට ඉහළ ආදායමක් උපයා ගැනීමට අවස්ථාව ලබාදිය හැකිය. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කන්දකාඩු ගොවිපොළ බඩඉරිඟු, සෝයා ඇතුළු භෝග වගාවට කඩිනමින් නිදහස් කර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබිණි.
වගා කර නොමැති ඉඩම්වලින් ඉහළ ප්‍රතිශතයක් රජය සතු වන අතර එම ඉඩම් හඳුනාගෙන තරුණ වගාකරුවන්ට ලබාදීමට තීරණය කෙරිණි.
ගෙවතු සහ රජයේ කාර්යාල පිහිටි ඉඩම්වල වගා කටයුතු දිරිමත් කළ යුතුය. ඊට ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නායකයින්ගේ සිට සියලුම රාජ්‍ය සේවකයින් දායක වී පූර්වාදර්ශයක් සැපයිය යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
වගා කළ යුතු භෝග හඳුනාගනිමින් සියලු පළාත් ඒකාබද්ධ වගා ප්‍රවර්ධන සතියක් ඇරඹීමටත් කෘෂිකර්ම, පශු සම්පත් හා මිරිඳිය මත්ස්‍ය කර්මාන්තය සඳහා පළාත් සභාවට වෙන්කර ඇති මුදල් සීමා නොකොට ලබාදීමටත් තීරණය කෙරිණි.
පොහොර අවශ්‍යතාව ඉලක්ක කරගනිමින් එප්පාවල පොස්පේට් නිධිය ප්රශස්ත අයුරින් යොදාගනිමින් එළැඹෙන මහ කන්නය සඳහා අවශ්‍ය පොස්පරස් අඩංගු පොහොර නිෂ්පාදනයකරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබිණි.
පසුඅස්වනු හානිය අවම කිරීම, ආහාර අරපිරිමැස්ම, ආහාර ගබඩා කිරීම, කල්තබා ගැනීම හා කෘෂි නිෂ්පාදන අගය වැඩි කිරීම, විකල්ප ආහාර වර්ග හඳුන්වාදීම හා ප්‍රචලිත කිරීම සඳහා සැලසුම් කර තිබේ. එමෙන්ම වගාවන්හි රෝග හා පළිබෝධ හානි වැළැක්වීමට ක්‍රමවේද හඳුන්වා දීම සහ කෘෂි නිෂ්පාදන ආශ්රිත ස්වයං රැකියා ප්‍රවර්ධනය ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමටපියවර ගෙන ඇති බවකෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතනවල ප්රධානිහු මේ අවස්ථාවට සහභාගි වූහ.


