යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනකු එම යතුරු පැදියද සමග මිහින්තලයේ පිහිටි මහකනදරා වැවට අද(30දා) අලුයම පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් පැදිකරු ජීවිතක්ෂයට පත්ව පසු පැදිකරු තුවාල ලබා ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිහින්තලය පොලිස් වසමේ ,පොතාන ප්රදේශයේ පදිංචිව සිටි චානක ප්රැන්සිස් නැමැති තිස් එක් හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
මරණකරු මිතුරෙකු සමග අනුරාධපුර ත්රීකුණාමලය ඒ 12 මාර්ගයේ සිප්පුකුලම දෙස සිට සිය නිවසට පැමිණෙමින් සිටියදී යතුරු පැදියේ වේගය පාලනය කර ගැනිමට නොහැකිව පොතාන හන්දිය ආසන්නයේදි යතුරු පැදියද සමග කනදරා වැවට ඇද වැටි ඇති බවට සැක කරන බව පොලීසිය කියයි.
එහිදි දියේ ගිලිමෙන් යතුරු පැදිකරු මිය ගොස් ඇති අතර ඔහුගේ මිතුරා සුළු තුවාල ලබා ඇත .මියගිය අයගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිමට නියමිතව තිබිණි.