යාපනය සිරුපිඩ්ඩි ප්රදේශයේදී යතුරුපැදියක් ඊයේ (29දා) සවස අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තරුණයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවට අච්චුවේලී පොලීසිය පවසයි.
යාපනය පේදුරුතුඩුව ප්රධාන මාර්ගයේ සිරුප්පිඩ්ඩි මංසන්ධියේදී තරුණයින් දෙදෙනා ගමන්ගත් යතුරුපැදිය අධික වේගයකින් ධාවනය කොට ඇති බවටත් එහිදී වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැකපල කර සිටියි.
යතුරුපැදිය අධික වේගයකින් ධාවනය වී සිරුප්පිඩ්ඩි මංසන්ධියේ පිහිටි බස්නැවතුම්පලක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී එක් තරුණයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනෙක් තරුණයා බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ යාපනය නල්ලූර් ප්රදේශයේ පදිංචි 42 හැවිරිදි ආරියරත්නම් තිරුකුමාර් නැමති තරුණයා වන අතර 24 හැවිරිදි තරුණයා බරපතල තුවාල ලබා ඇතැයිද පරික්ෂණ සිදුකරන අච්චුවේලී පොලීසිය වැඩිදුරටත් පැවසීය.

