සමගි ජන බලවේගය වැදගත් සංශෝධනවලට යටත්ව ආණ්ඩුව ඉදිරිපත් කරනු ලබන 21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එකඟ වන බව එම පක්ෂයේ ප්‍රධාන විධායක නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
21වැනි සංශෝධනයට සමගි ජන බලවේගය සම්පූර්ණයෙන් විරුද්ධ වන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා අද (30දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
"21වැනි සංශෝධනය වශයෙන් වර්තමාන අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ කෙටුම්පතේ තිබෙන සමහර කාරණා ගැන අපිට එකඟතාවක් නෑ. මේ පිළිබඳ අපි රජය සමග ගිය සිකුරාදා පැවැති සාකච්ඡාවේදී පැහැදිලිව ප්‍රකාශ කළා මෙහි තිබෙන අඩුපාඩු පිළිබඳ.
ඒ අඩුපාඩු සකස් වෙනවා නම් පාර්ලිමේන්තුවේදී 21වැනි සංශෝධන කෙටුම්පට ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක් දැරීමට නොහැකියි කියන ප්රතිපාදනය ඇතුළත් කරන්න කියලා සඳහන් කළා. ඒ වගේම පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ බලය පිළිබඳ පාර්ලිමේන්තුවට මීට වඩා නම්‍යශීලී බලයක් ලැබිය යුතුයි. එනම් පාර්ලිමේන්තුවේ බහුතරයකින් පාර්ලිමේන්තුව විසිරවීම සඳහා යෝජනාවක් සම්මත කර ගන්නට අවස්ථාව ලබාදිය යුතුයි කියලා අපි යෝජනා කරනවා.
දැනට 19වැනි සංශෝධන කෙටුම්පත ඉදිරියේ තිබෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ සමගි ජන බලවේගයේ ස්ථාවරය අපි පසුගියදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී කියා සිටියා. ඒ අනුව ස්ථිරවම සමගි ජන බලවේගය 21වැනි සංශෝධනයට එකඟයි මේ සුළු වැදගත් සංශෝධනවලට යටත්ව.
රජයේ බලතල දරන අධිකරණ ඇමතිවරයා ඉදිරිපත් කරන්නේ කොටසකට පමණක් නම් කෙටුම්පත, ඒ කොටසේ තිබෙන අඩුපාඩු හදාගෙන ඒක සම්මත කර ගැනීමට අපේ විරෝධතාවක් නෑ" යනුවෙන් සඳහන් කළේය.