ගෝල්ඩන් පැරඩයිස් වීසා හඳුන්වා දෙයි
ආයෝජකයින් ඇතුලු විදේශකයින් සඳහා දිගුකාලීන නේවාසික වීසා වැඩසටහනක් වන “ගෝල්ඩන් පැරඩයිස් වීසා ක්‍රමය” හඳුන්වාදීමේ වැඩසටහන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (30දා) බත්තරමුල්ල, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.
- ගෝල්ඩන් පැරඩයිස් වීසා ක්‍රමය හරහා පාරාදීස දූපතක දිගුකාලීන අත්දැකීමක් භුක්ති විඳින්න.
- ගෝල්ඩන් පැරඩයිස් නේවාසික වීසා වැඩසටහන - ශ්‍රීලංකාවේ ආයෝජනය කරන්න, ජීවත් වන්න සහ අධ්‍යයනය කරන්න.
මෙම අවස්ථාවේ දී ගෝල්ඩන් පැරඩයිස් වීසා වැඩසටහන සඳහා වෙන් වූ වෙබ් අඩවිය ද දියත් කරන ලදී.
මෙය යථාර්ථයක් බවට පත් කිරීමට ගත් උත්සාහය පිළිබඳවආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන පාලක ජෙනරාල් බන්දුල හරිස්චන්ද්‍ර ඇතුලු ඔහුගේ කාර්ය මණ්ඩලයට ආරක්ෂක ලේකම්වරයා සිය ප්‍රශංසාව පුද කරන ලදී.
ක්‍රියා පටිපාටිය සරල වීම තුලින්,මෙමවැඩසටහන සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන අයවලුන්දිරිමත්වන බවත්, එමෙන්ම අනුගමනය කරන ක්‍රියා පටිපාටිය සංකීර්ණ නොවන විට, වැඩි බලාපොරොත්තුවක් තබාගත හැකි බවත් මෙහිදී ඔහු සඳහන් කළේය.
මෙම වැඩසටහන ඉදිරියේදී ඇගයීමට ලක් කිරීමටත් අවශ්‍ය නම් අවශ්‍ය වැඩිදියුණු කිරීම් සිදු කිරීමටත්බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ සඳහා මාවත විවෘත බැවින් සැලකිය යුතු සාර්ථකත්වයක් ලබා ගැනීම සඳහා තම ආයතනවල කර්තව්‍යයන් ඉදිරියට ගෙන යන ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම වැඩසටහන මෙරට ආර්ථිකය ඉහළ නැංවීමට දායක වන අතර,එමගින් ආයෝජකයින්ටද ප්රතිලාභ රැසක් අත්විඳීමට හැකිවනු ඇත.
මෙම වැඩසටහනට අනුව ආයෝජකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ස්ථීර ප්රතිලාභ හිමිවන බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මේ පිලිබඳ වැඩි විස්තරhttps://eservices.immigration.gov.lk/golden-paradise-visa.htmlහරහා ලබා ගත හැක.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් යූ.කේ. බණ්ඩාර,විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රියංකා විජේගුණසේකර, ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජෙනරාල් රේණුකා වීරකෝන්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.


popular news
-
පී. අබේසිංහ Tuesday, 31 May 2022 03:28 AM
ඇත්තටම කියනවනන් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව තමයි ලංකාවේ සුඛෝපබෝගී නිවාස ඩොලර් දී මිලට ගන්න වැඩියෙන්ම කැමති. ඒ නැඹුරුව පසුගිය වසර ගණනක සිට ඔබලා නිරීක්ෂණය කලේ නැත්දැයි නොදනිමි. එහෙත් අතිෂය දුප්පත් ශ්‍රී ලාංකිකයන් දැකීමෙන් ඔවුන් සංවේදී වන අතර තව දුරටත් ශ්‍රී ලංකාව සිත සැනසිල්ලේ දිවි ගෙවන්නට තැනක් නොවේ. පිට රට සිටින උගත් ශ්‍රී ලාංකිකයන් බලාපොරොත්තු වන්නේ නීති ගරුක ලාංකික සමාජයකි. එය එසේ වී ඩොලර් රටට එන්න නම් නූගත් සහ අශීලාචාර , ලැජ්ජා නැති දේශපාලන සංස්කෘතිය වෙනස්වීමත් නීතිය හා යුක්තිය බටහිර රටවල මෙන් තිබීමත් අත්‍යාවශ්‍ය වේ.
Reply : 2 154
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

