saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5843 hours ago

LATEST

නිවාස වලට ගල් ගැසු අයෙක් රක්ෂිතයට

calendar_today 2022 ජන 25 - 16:14 remove_red_eye - 775  

පානදුර, දිබ්බැද්ද ප්‍රදේශය භීතියට පත්කරමින් මාස තුනකට ආසන්න කාලයක් නිවාස වලට ගල් ප්‍රහාර එල්ල කල බැව් කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පින්වත්ත පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 3 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා ඊයේ (24දා) නියම

’’විදුලිබල මණ්ඩලයේ ඉන්න සමහර නිලධාරීන්, ඉංජිනේරුවෝ රටේ ජනතාව වගේම ආණ්ඩුව සෙල්ලමට අරගෙන, මේක දිගින් දිගටම ගියොත්, විදුලි බල මණ්ඩලය ඉස්සෙල්ලාම පුනරුත්ථාපනය කරන්න වෙනවා. ඒ වගේම ආණ්ඩුවට දැඩි ක්‍රියාමාර්ග ගන්න සිදුවෙයි’’ යැයි ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පැවසීය.

Read More

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ මාදොළ ප්‍රදේශයේදි මෝටර් රථයක් වෙිි ගඟට පෙරළීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයෙකු අද (25දා) මියගොස් ඇතැයි පොලිසිය පැවසීය.

Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. ඒ මහතා අපරාධ හා රථවාහන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කරයි.

Read More

දිවයිනේ දැනට පවතින අධික වියලි කාලගුණික තත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හි සහ ප්‍රධාන ජලාශයන්හි ජල මට්ටම් පහල බැස ඇති අතර ජනතාවගේ ජල පරිභෝජනය ද ඉතා ඉහල මට්ටමක පවතී. මේ හේතුව නිසා පානීය ජල සැපයුම සීමාසහිත වන බැවින් මේ අවස්ථාවේදී ජලය අරපිරිමැස්මෙන් යුතුව පාවිච්චියට ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.

Read More

මහරගම නගර සභාවේ සභාපතිවරයා හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මියට පහර දීමේ සිද්ධියට එරෙහිව මහරගම නගර සභාවේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අද (25දා) දහවල් නගර සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි .

Read More

මහ කන්නයේ වී වගා කළ තම නිෂ්පාදනය අඩු වූ වී ගොවීන්ට පමණක් වගා හානි ගෙවන බවත් අනෙකුත් වගාවන්ට (එනම් බඩ ඉරිඟු, එළවළු ඇතුළු ) වගා හානි ගෙවීමට තවමත් තීරණය කර නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

Read More

මීරිගම බෝතලේ ශ්‍රී ගෝඨාභය රාජ මහා පිරිවෙන් විහාරාධිපති, කඩිගමුවේ පේමානන්ද මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වය මහෝපාධ්‍යාය, හාපිටිගම් කොරලේ ප්‍රධාන සංඝ නායක නාහිමියෝ අද (25දා) අපවත්වී වදාළහ.

Read More

හොරණ බස් පර්යන්තයෙන් ගමන් ආරම්භ කරන මාර්ග 25 කට වැඩි සංඛ්‍යාවක පෞද්ගලික බස් රථ අද (25දා) පෙරවරුවේ සිට වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹිම නිසා මගීහු දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටියහ.

Read More

එසේම එසේ ගෙන්වීමට නියමිත හාල් නියත වශයෙන්ම කාබනිකව නිෂ්පාදනය කළ හාල් නොවන බවත් ඔහු පැවැසීය.

Read More

මහ කන්නයේ වී ගොවිතැන් කළ සෑම ගොවියෙකුටම වගා හානී වෙනුවෙන් වනදි ගෙවීමට කැබිනට් අනුමැතිය දුන් බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

Read More

වී කිලෝවක් රුපියල් 75ක් බැගින් වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවෙන් මේ වනවිට වාර්තා වන කෝවිඩ්-19 රෝගීන්ගෙන් 95%කට අධික පිරිසක් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතවූවන් වන බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද ජාන විශ්ලේෂණ වාර්තා සනාථ කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළේය.

Read More

හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි. පුද්ගලික හේතූන් මත ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි.

Read More

සපුගස්කන්ද හා බත්තල (බාචී) බලාගාර දෙක ඊයේ (24දා) දින සිට නවතා දැමීමට සිදුවීම නිසා අද (25දා) දින සිට විදුලි විසන්දි කිරීම සිදුකරන කාලය තවත් දීර්ඝ විය හැකි බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

Read More

එන්නත් සහ ප්‍රතිකාර සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීමට, වෛරසය සහ එහි නැගීඑන ප්‍රභේද නිරීක්ෂණය කිරීමට සහ සීමාවන් ක්‍රියාත්මක කිරීමට රටවල් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු බව WHO ප්‍රධානියා අනතුරු ඇඟවීය.

Read More

දිවයිනට බලපා ඇති වියළි කාලගුණයේ වෙනසක් අද (25දා) දිනයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදි වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන් සිදු කරන ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාර ගැනීමට හෝටල් සේවා සැපයුම්කරුවන්ට අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් රීති නිකුත් කර තිබේ.

Read More

’’සම්පූර්ණයෙන් එන්නත් කර නොමැති හෝ බූස්ටර් මාත්‍රා ලබා නොගත් රටේ දකුණු සහ බටහිර ප්‍රාන්තවල ජනතාවට රෝහල්ගතවීම් සමග තවදුරටත් වේදනාවක් සහ වියෝ දුක් ඇතිවිය හැකියි’’ වෛද්‍ය ඇන්තනී ෆවුසි අනතුරු අඟවයි.

Read More

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

Read More

පූර්ණ එන්නත්කරණය සඳහා මාත්‍රා තුනම ලබාගතයුතු බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව මේ වන විට එන්නත් දෙකක් ලබාගෙන තිබෙන පිරිස් පූර්ණ එන්නත්කරණය වෙනුවෙන් බූස්ටර් එන්නතද ලබා ගතයුතු බවද හෙතෙම පෙන්වා දෙයි.

Read More

යුක්රේන දේශසීමාවේ රුසියානු හමුදා රැස්ව සිටින බැවින් නැගෙනහිර යුරෝපයට යෙදවිය හැකි පරිදි එක්සත් ජනපද භටයින් 8,500ක් පමණ සීරුවෙන් තබා ඇති බව පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කර්බි පැවසීය.

Read More

විදුලි කප්පාදු කිරීමක් සඳහා විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා තිබුණත් ඒ පිළිබඳ සාකච්ඡා කරන්නේ හෙට (25දා) දිනයේදී බවත්, මේ අනුව අද (24දා) විදුලි කප්පාදු කිරීමට අවසර ලබාදී නොමැති බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

මරීනා මහතීර් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පවුලේ අය සියලු දෙනාගේ යාච්ඤාවලට ස්තූතිවන්ත වන අතර, නොදන්නා මූලාශ්‍රවලින් ඔහු ගැන පැතිර යන කටකතා ජනතාව නොසලකා හරිනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

Read More

ටෝලර් යාත්‍රාවකින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් මත්කුඩු කිලෝ තුන්සියකට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයන් 6 දෙනෙකු දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසීය.

Read More

ජනාධිපති රොච් කබෝර් බලයෙන් පහ කර, රජය සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, ව්‍යවස්ථාව අත්හිටුවීම සහ එහි දේශසීමා වසා දැමූ බවත් පවසයි.

Read More

සපුගස්කන්ද තෙල් පිරිපහදුව එළැඹෙන 30 දා යළි විවෘත කිරීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

විදුලිය කප්පාදුවකින් තොරව කටයුතු කරගෙන යාමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවේදී තීරණය කළ බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.

Read More

රට තුළ විදුලි අර්බුදයක් තිබියදී සීතාවක ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ පාදුක්ක නගරයේ සහ ඉන් පිටත මාර්ගවල පෙරවරු කාලය තුළ වීථි පහන් දැල්වෙමින් තිබූ අයුරු අද (24දා) දැකගත හැකි විය.

Read More

හෝමාගම මූලික රෝහලේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සඳහා වෙන්කර තිබෙන වාට්ටු දෙකම මේ වන විට රෝගීන්ගෙන් පිරී පවතින බව වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.