හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිෂම මගින් යළිත් වරක් නඩු පවරා තිබේ.
2010 වසරේදී සතොස ආයතනයේ සේවකයන් සිය නීත්‍යානුකූල රාජකාරීවලින් ඉවත් කොට දේශපාලන කටයුතු සඳහා යොදවා රජයට රුපියල් ලක්ෂ 84ක පාඩුවක් කළ බවට සඳහන් කරමින් මෙම නඩුව ගොනු කර තිබේ.
මෙම චෝදනා සඳහා පසුගිය යහපාලන රජය සමයේදී අල්ලස් කොමිෂම නඩු පැවැරූ අතර පසුව එම නඩුව අල්ලස් කොමිෂම විසින්ම ඉල්ලා අස්කර ගත්තේය.
කෙසේ වෙතත් එකී චෝදනා යටතේම නැවත වරක් අල්ලස් කොමිෂම මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනුකර තිබේ.