ගෝඨා ගෝ හෝම්, රනිල් ගෝ හෝම් යන සටන් පාඨ පැත්තකින් තබා රට වැටී තිබෙන වලෙන් ප්‍රථමව ගොඩ යා යුතු බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
අද (30දා) කොළඹදී මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
තාමත් අර කපුටට බයක් එහෙම තියෙනවද?
කපුටට බය නම්, එයා ඇමති මණ්ඩලයේ මුදල් ඇමති ලෙස වාඩි වෙලා ඉදිද්දී තමයි අපි සටන් කළේ. දැන් කපුටත් එක්ක සටනක් නෑ. පිහාටු ගැලවිලා තියෙන්නේ.
දැන් මේ කපුටා පත්කරපු කෙනෙක් තමයි අගමැති කියලා කියනවා?
පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ කපුටා අතේ කියලා අපි පිළිගන්නවා. 21 වැනි සංශෝධනය හරහා අපේ පාර්ලිමේන්තුවේ සිටින පිටරැටියන් පාර්ලිමේන්තුවෙන් එළියට දාන්න බලාපොරොත්තු වෙනවා. ඒක සාර්ථක වුණාට පස්සේ කපුටාගෙන් පාර්ලිමේන්තුවත් රටත් බේර ගන්න පුළුවන් වෙයි.
ගෝඨාගෝහෝම් කියන සටන් පාඨය දැන් නැත්ද?
අනේ මේ ගෝඨා ගෝ ගෝම්, රනිල් ගෝ හෝම්, 225 ගෝ හෝම් පැත්තකින් තියලා අපි මේ වළෙන් ගොඩ එමු. ඊට පස්සේ පුළුවන් තරම් ඉක්මනට පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න.