saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5866 hours ago

LATEST

ඇමති සරත් වීරසේකරට කොවිඩ්

calendar_today 2022 ජන 20 - 08:53 remove_red_eye - 594  

මහජන ආරක්ෂක අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර මහතා කොවිඩ් ආසාදිතව තිබේ. ඔහුට ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඔහු මෙසේ ආසාදිත බවට තහවුරු වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (19දා) පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 50කින් ඉහළ දැමීමට කටයුතු කර තිබේ.

Read More

කොවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නත් ලබා නොගැනීම පිළිබඳ ආරවුලකදී ඔස්ට්‍රේලියානු රජය ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමෙන් පසුව, මේ සතියේ එරටින් පිටුවහල් කරන ලද ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩකයා, QuantBioRes කොටස් අයිතිය තමා සතුකර ගෙන තිබුණි.

Read More

2015 නොවැම්බර් මස 23වැනිදාත් දෙසැම්බර් මස 31වැනිදාත් අතර කාලය තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියම කර තිබියදී ජනාධිපතිවරණ පනතේ ප්‍රතිපාදනයන්ට පටහැණි වන ආකාරයට එම ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව ඇතුළත් කර දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදලින් ලිත් ලක්‍ෂ 50ක් මුද්‍රණය කර බෙදාහැරීම මගින් රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කළැයි විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබිණි.

Read More

නිල සංචාරයක නිරත බංග්ලාදේශ නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් එම් ෂහීන් ඉක්බාල් මහතා වෙත අද (19දා) ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද හමුදා මූලස්ථානයේදී යුද හමුදාවේ ගෞරවාචාර පිරිනමන ලදී.

Read More

2021 අවසානයේදී චීනයේ ඩිජිටල් යුවාන් ගනුදෙනු යුවාන් බිලියන 87.57 (එක්සත් ජනපද ඩොලර් බිලියන 13.78) ට ආසන්න වෙමින්, එරට මහ බැංකුවේ ඩිජිටල් මුදල් පිළිබඳ පර්යේෂණ සහ නියමු භාවිතය වේගවත් කර තිබේ.

Read More

වර්ථමානයේ රට තුල ප්‍රධාන අර්බුද 3ක් තිබෙන බවත් රටේ විදේශ විනිමය අර්බුදය අතීතයේ සිට තිබුණු බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ ඉදිරි දිනවලදී ආරක්ෂක සහතික පුළුල් කිරීම සඳහා වන සිය යෝජනා සඳහා ලිඛිත පිළිතුරු ලැබෙනු ඇතැයි මොස්කව් බලාපොරොත්තු වන බවයි.

Read More

පාස්කුදා ප‍්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුවේ පැමිණිල්ල ලකුණු කළ ලේඛණ පරීක්‍ෂා කළා නම් ඔහුට එරෙහිව මෙම නඩුව නොදා ඉන්න තිබුණා යැයි ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (19දා) විවෘත අධිකරණයේදී පැවසීය.

Read More

කොවිඩ්-19 ව්‍යාප්තිය මැඬපැවැත්වීමට එක්සත් ජනපද රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) යෝජනා කළේ, සෑම එක්සත් ජනපද පාසලක්ම පාහේ පාපන්දු, මල්ලවපොර, තූර්‍ය වාදක සහ අනෙකුත් ප්‍රධාන පාසල් ක්‍රියාකාරකම් අවලංගු කරන ලෙසයි.

Read More

අටුලුගම විදුහලක සිසුන්ට ගුරුවරුන්ට හා දෙමව්පියන්ට කෝවිඩ් 19 එන්නත ලබාදීම සඳහා වෛද්‍යවරයකු ගෙන් සමන්විත කණ්ඩායමක් එම පාසල කරා ගියද අවම වශයෙන් එකම සිසුවකු ගුරුවරයෙකු හෝ දෙමව්පියෙකු එන්නත ලබා ගැනීම සඳහා නොපැමිණි බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ලිඛිතව දැනුම්දී ඇතැයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

Read More

මෝල්ඩෝවා සහ ගෑස්ප්‍රොම් සෑම මසකම 20 වැනි දින මාසික පෙරගෙවුම් දිනයක් සමග එරටට ගෑස් සැපයීම සඳහා පසුගිය නොවැම්බර් 01දා පස් අවුරුදු කොන්ත්‍රාත්තුවකට පිවිස තිබුණත්, රටේ මූල්‍ය අර්බුදය සමග මේ තත්ත්වය ඇතිව තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2021 වසරට අදාළව නම් කරනු ලැබූ විස්සයි20 කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග නම්ව තිබේ. මෙම කණ්ඩායමේ නායකත්වය පාකිස්තානයේ බාබර් අසාම් වෙත හිමිව තිබේ.

Read More

මිල්කෝ ආයතනයේ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බවට වාර්තා වෙයි. මේ පිළිබඳව අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මිල්කේ සභාපතිවරයා සඳහන් කළේ මිල්කෝ ආයතනයට නව සභාපතිවරයෙක් පත්කර ඇති බවට තමන් දැනගත්තේද මාධ්‍ය හරහා බවයි.

Read More

පාර්ලිමේන්තුවේ ගෞරවය සහ සම්ප්‍රදායන් අනුගමනය කිරීමට දක්වන උනන්දුව ක්‍රමානුකුලව සෝදාපාලුවට ලක් වී ඇති ​බැවින්, පවතින සම්ප්‍රදායන් කාලෝචිත නොවන්නේ නම් සාකච්ඡා කර, ඒවා කාලෝචිත කරගත යුතු බව, පාර්ලිමේන්තුවේ සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසිය.

Read More

(LONG READS)රෝගයක් වශයෙන් අප හඳුන්වන්නේ වෙනදාට වඩා වෙනස් ආකාරයෙන් අපට දැනෙන කිසියම් පීඩාකාරී ලක්ෂණයක් බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ. නමුත් මෙවන් තත්ත්වයක් ඇති විට මෙකල බොහෝදෙනා උත්සාහ දරන්නේ කුමන හෝ ගොඩ වෙදකමක් මාර්ගයෙන් මේ තත්ත්වය මගහැර දමා ගන්නටයි.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස ප්‍රමුඛ ව්‍යාපාරිකයෙක් වන ආචාර්ය ප්‍රසාන්ත ජයමාන්න මහතා පත් කර තිබේ. වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

Read More

නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ ජර්මන් නාවික හමුදාවට අයත් ‘BAYERN’ නෞකාව සහ ත්‍රිකුණාමලය වරායට සේන්දූ වූ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් ‘URAGA’ හා ‘HIRADO’ යන නෞකා සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව බටහිර සහ නැගෙනහිර මුහුදේ පැවති නාවික අභ්‍යාසයන් සාර්ථකව නිම කිරිමෙන් පසු මෙම නෞකා මෙලෙස දිවයිනෙන් පිටත්ව ගියේය.

Read More

කැළණිතිස්ස බලාගාරය ඉන්ධන නොමැතිවීම හේතුවෙන් සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත වී ඇති බව වාර්තා වෙයි. මේ අනුව එම බලාගාරයෙන් ජාතික පද්ධතියට එක්වෙන මෙගා වොට් 300ක ධාරිතාව අහිමි වී තිබේ.

Read More

බොරැල්ල සියලු සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිළියන්දල වට මාවතේ විශ්‍රාමික වෛද්‍ය අධිකාරීවරයාගේ සුවිසල් නිවස තුළ තිබී ගිනි අවි සහ ආයුධ රැසක් සොයා ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවසීය.

Read More

හිරිපිටිය, පස්යාල,මිගමුව හා තලවතුගොඩ මංසන්ධිවල පවතින අධික රථවාහන තදබදයට විසදුම් ලෙස ගුවන් පාලම් 04ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපල - රත්මලාන සිට ජාත්‍යන්තර ගුවන් ගමන් මෙම 29 දා ආරම්භ කරන බව ගුවන් සේවා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පැවසීය. විශේෂයෙන් දකුණු ඉන්දියාව, මාලේ වැනි ගුවන් ගමන් රත්මලාන කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිතය.

Read More

රජයේ නිල නිවාස වල පදිංචිව සිටි හිඟ ජලබිල්පත් ඇති පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ එම හිඟ ජලබිල්පත්ද අයකර ගැනීමට මේ වන විට කටයුතු කර ගෙන යන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය ගුවන් යානා වල රේඛීය නඩත්තු ( Line Maintenance ) කටයුතු සිදු කිරීමට දේශීය පෞද්ගලික ගුවන් යානා නඩත්තු සමාගමක් වන සිලෝන් එරෝනොටිකල් සර්විස් (Ceylon Aeronautical Services) පුද්ගලික සමාගම වෙත ලබා දීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.

Read More

ශ්‍රි ලංකාව හා චීනය අතර අත්සන් කළ රබර් - සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන් චීනය විසින් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් මිිලියනයක් පරිත්‍යාග කිරීමට නියමිත බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

පානදුර රාජකීය විදුහලේ ප්‍රධාන ආරක්ෂක නියාමකවරයාගේ සිරුර විදුහලේ ගණිතාගාර ගොඩනැගිල්ලේ බාල්කයක එල්ලෙමින් තිබියදී අද (19දා) උදෑසන හමුවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාව මේ දක්වා ආනයනය කර ඇත්තේ ඔක්ටේන් 92 හා 95 තෙල් බවත් ඔක්ටේන් 91 තෙල් ආනයනය කර නොමැති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

මහ බැංකුව ඩොලර් ලබාදීම හේතුවෙන් නැව් දෙකක ඉන්ධන ගොඩබෑමට හැකිවූ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

මේ මස 27වැනිදා පිරිපහදුව නැවත විවෘත කරන බවට තෙල් සංස්ථා බලධාරීන් ප්‍රකාශ සිදුකළද, සිංගප්පුරු සමාගමෙන් ඇනවුම් කර තිබෙන බොරතෙල් තොග නැවට පැටවීමවත් මෙතෙක් කටයුතු ආරම්භ කර නොමැති බවත්, මේ නිසා නියමිත දිනට පිරිපහදුව ආරම්භ කිරීමට නොහැකි වන බවත් තෙල් විදුලි වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය සඳහන් කරයි

Read More

ජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සිය ධුරයෙන් ඉවත්වීමත් සමග එම අග්‍රාමාත්‍ය ලේකම් ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ජනපති ලේකම් ලෙස පත්වීම් ලබා තිබේ. ඔහු අද (19දා) සිය ධුරයේ රාජජකාරී ආරම්භ කිරීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.