saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5368 hours ago

LATEST

සනත් හා මිලාන් රිමාන්ඩ්

calendar_today 2022 මැයි 18 - 16:23 remove_red_eye - 704  

අරලිය ගහ මන්දිරය ඉදිරිපිට හා ගෝල්ෆේස් පිටියේ පවත්වාගෙන ගිය සාමකාමී විරෝධතා සඳහා පහරදීමේ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක එළැඹෙන 25දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියොග කර තිබේ.

ගෙලිඔය ඉන්ධනහලට අද දිනයේදී පැමිණි ඩිසල් රැගත් තෙල් සැපයුම් බවුසරයේ ජලය ඇති බවට ඇති වු විරෝධතාවය පේරාදෙණිය පොලීසිය මැදිහත්විමෙන් සමතයකට පත් කර ගැනිමට හැකිවි ඇත.

Read More

මහලොකු දෙයක් විදිහට ලැබෙන බලපත්‍රය ගැන තමයි ජනතාව කථා කරන්නේ. එහෙම නැත්නම් ජනතාව හිතනවා අවුරුද්දේ දවස් 365ම පවුලේ සියලු දෙනා අරගෙන ඇවිත් මේ පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් රජ බොජුන් කනවා කියලා. මාසෙට උපරිමයෙන් ඕනනම් මන්ත්‍රීවරයෙක් දවස් තුන හතරක් කෑම කයි. අපි ලියුමකුත් අත්සන් කළා සාමානය මුදලකට සාමානය කෑමවේලක් අරගෙන දෙන්න ඒකට සම්පූර්ණ මුදල අය කරන්න කියලා අපි යෝජනා කරනවා.

Read More

ජනාධිපතිතුමා දුරකතන ඇමතුමක් ගත්තා ‘මම උදේ කිව්වා නේද මේක නවත්වන්න කියලා. මොකක්ද මේ වෙන්නේ’ කියලා ඇහුවා. එතකොට ඩී.අයි.ජී. තෙන්නකෝන් කිව්වා ‘සර් 12.40ට පොලිස්පතිතුමා මට කිව්වා මේකට කඳුළු ගෑස් ගහන්න එපා මේකට ජල ප්‍රහාර එල්ල කරන්න එපා. මේක නවත්වන්නව එපා කියලා පොලිස්පතිතු තුමා කිව්වා’ කියලා. ජනාධිපතිතුමා කිව්වා ‘තමුසෙට මම කිව්වේ රටේ ජනාධිපති වහාම නවත්වනවා’ කියලා ජනාධිපති කිව්වට පස්සේ තමයි කඳුළු ගෑස් ගහලා මේ ගමන නවත්වන්න ජනපතිතුමා මැදිහත්වුණේ.

Read More

බ්‍රිතාන්‍යයේ ටැටන්නෝ පළාත නියෝජනය කරමින් මිල්ටන් කේන්ස් කවුන්සිලය (Milton keyns council) සඳහා කන්සවේටිව් පක්ෂය නියෝජනය කරමින් පළාත් මැතිවරණයට ඉදිරිපත් වු ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ්. ජේ. ඒම්. මුසම්මිල් මහතාගේ දියණිය වන ශස්නා මුසම්මිල් මහත්මිය එයින් ජය ගත්තාය.

Read More

රණවිරු සැමරුම් දිනයට සමගාමීව අද (18දා) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරින් 396 දෙනෙකු සහ සෙසුනිලයින් 8,110 දෙනෙකු ඔවුන්ගේ මීළඟ නිලයට උසස්කිරීමට කටයුතු කර තිබේ.

Read More

නිරිත දින මෝසම හෙට දිනය වන විට දිවයින හරහා ස්ථාපිත වනු ඇතැයි කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ලිපියට අදාළ කාලසීමාව තුළදී පොලිස් ස්ථානාධිපතිරුන් 184ක් පත්කර ඇතැත් එයින් දෙදෙනෙක් හැරෙන්නට අනෙකුත් පත්කිරීම් නිසි ක්‍රම වේද අනුව සිදුව නොමැති බවත් ඔහු පෙන්වා දෙයි. මෙහිදි අදාළ ස්ථානාධිපතිවරුන් අතරින් පුද්ගලයන් 126ක්ම ස්ථානාධිපතිවරුන් ලෙස පත්කිරිමට අදාළ සම්මුඛ පරීක්ෂණ සඳහාද එක්ව නොතිබූ අය බව පොලිස්පතිවරයා සඳහන් කර තිබේ. එසේම සම්මුඛපරීක්ෂණවලදී පොලිස් ස්ථානාධිපතිධුරයක් සඳහා නිර්දේශ නොවූ නිලධාරීන් 03ක්ද ස්ථානාධිපතිවරුන් ලෙස පත්කර ඇතැයි ඔහු පවසයි.

Read More

සාමකාමීව විරෝධතා පවත්වාගෙන ගිය මයිනාගෝගම හා ගෝඨාගෝගම අරගලකරුවන් වෙත පහරදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරීක්ෂණවලට අදාළව මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මයිනාගෝගමට හා ගෝඨාගෝගමට පහරදීමේ සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරික්ෂණවලට අදාළව ඩෑන් ප්‍රයසාද් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිවයින පුරා ඇති ප්‍රචණ්ඩත්වය හේතුවෙන් නිවාස හා දේපළ අහිමිවූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් තමන් සමාව ඉල්ලා සිටින බවත් ගෝල්ෆේස් අරගලය හා මන්ත්‍රීවරුන් අතර සම්බන්ධයක් ඇතිවිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

Read More

ම උගුරට ලේ රහ දැනෙනකම්. මේස් බැනියමට දාඩිය උණනකම් ලක්ෂ 3කට වැඩිය මිනිස්සුන්ට මගේ බුද්ධිය බෙදලා තියෙනවා. අපි මේ රටට ගෞරවයක් වෙන ලෙස හැසිරිලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප අරන් නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප අපි වෙනුවෙන් අපි අරමුදලට බැර කරලා තියෙනවා. අපේ අම්මා සමාජ සත්කාරක වැඩපිළිවෙළට පරිත්‍යාග කර තිබෙනවා. මගේ සංසාර ගමනේ කිසි දවසක ඇමති නිල නිවසක ජීවත් වෙලා නෑ

Read More

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව වෙත ඩොලර් මිලියන 160ක් ලබා දී ඇති බවත් එම මුදල ඉන්ධන වෙනුවෙන් ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැවැසීය.

Read More

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය. මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද අද දින පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියට එක්ව තිබේ. මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ 4 වැනි අසුන හිමිව තිබේ.

Read More

ඉදිරි සති කිහිපය සඳහාත් අපි අඛණ්ඩව ඩීසල් ලබාදීම සිදුකරනවා. පෙට්‍රල් ගැන ගැටලුවක් තිබෙනවා. අපේ මුහුදු සීමාවේ පසුගිය මාර්තු මාසයේ 28 වැනිදා පමණ ඉදලා පෙට්‍රල් නෞකාවක් තිබෙනවා. මේ තිබෙන මූල්‍ය අර්බුදයත් එක්ක අපිට ඩොලර් නෑ අවශ්‍ය ගෙවීම් කරන්න.

Read More

යුක්රේනය මේ වනවිට පාලනය වන්නේ, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය විසින් බව රුසියාව පවසයි.

Read More

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 35කින් ඉහළ දැමීමට එම සමාගම් පියවර ගෙන ඇති බව වාර්තාවෙයි.

Read More

මරදාන - බොරැල්ල මාර්ගය ආනන්ද විදුහල අසළින් අවහිර කරමින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ. ඉන්ධන ඉල්ලා මෙම විරෝධතාව සංවිධානය කර ඇති බව වාර්තා වෙයි.

Read More

මාර්ග සහ පාලම් නායයෑම්වලින් අවහිර වී හෝ ගසාගෙන යෑමෙන් දිස්ත්‍රික්කයේ 200,000කට ආසන්න ජනතාවක් ප්‍රාන්තයේ සෙසු ප්‍රදේශවලට ගමන්කළ නොහැකිව සිරවී සිටින බව කියයි.

Read More

ගෙවීම් කළ ගෑස් නැවකින් ඊයේ දිනයේදී ගෑස් ගොඩබෑමට නියමිතව තිබුණත් පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එය වැළකී ගොස් තිබේ. ඒ අනුව ගෑස් බෙදා හැරීමේ කටයුතු තවදුරටත් ප්‍රමාද වෙයි. ලිට්‍රෝ සමාගම පවසන්නේ මෙම තත්ත්වය හේතුවෙන් ජනතාව පෝලිම්වල සිටීම ඵලක් නොවන බවයි.

Read More

කෝපායි පොලිස් වසමේ තිරුනෙල්වේලි ප්‍ර දේශයේදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් දියත් කරන ලද ඩ්‍රෝන යානයට බාධා කළ බව ඊශ්‍රායලය පවසයි.

Read More

පසුගිය 09දා මයිනාගෝගම හා ගෝඨාගෝගම ප්‍ර දේශයන්ට පහරදීමේ සිදුවීම් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 9ක ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

Read More

දශක තුනකට ආසන්න කාලයක් පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජයට පත්කර අදට (මැයි 18) වසර 13ක් සම්පූර්ණ වෙයි.

Read More

හෙට (18) දිනයේ පෙට්‍රල් ලබාගැනිම වෙනුවෙන් ඉන්ධන හල් අසළ පෝලිම්වල රැදී නොසිටින්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි.

Read More

ඉදිරියේදී පිහිටවනු ලබන ආණ්ඩුවකට සහාය ලබාදෙන්නේ කුමන ආකාරයකටදැයි යන්න පිළිබඳව තිරණය කිරීම වෙනුවෙන් කරුණු 7ක් සම්බන්ධයෙන් පිළිතුරු විමසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මනූෂ නානායක්කාර මහතා හා හරීන් ප්‍රනාන්දු මහතා ලිපියක් යොමුකර තිබේ.

Read More

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් ජුනි මස සිට සියයට පනහකින් කපා හැරිමට තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒ්කනායක මහතා මෙම පියවර ගෙන තිබේ.

Read More

ගෑස් රැගත් නෞකා තුනකට මුදල් ගෙවීමට හැකිවීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ ගෘහස්ත ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීමට හැකිවෙනු ඇතැයි ලිට්‍රෝ සමාගම කියයි.

Read More

කොළඹ ගෝල්ෆේස් පිටියේ හා අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පවත්වාගෙන ගිය සාමකාමි විරෝධතාව සඳහා පහරදීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ පදනම කාර්යාලයට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තවත් සැකකරුවන් දස දෙනෙක් අද (17දා) නාවලපිටිය පොලිසියට භාර විමෙන් අනතුරුව එම සැකකරුවන් දස දෙනා නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.