saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 5732 hours ago

LATEST

අප්‍රිකාවේ සුදු නිරූපිකාවන්ට දැන්වීම් තහනම් කරයි

calendar_today 2022 අගෝ 28 - 17:00 remove_red_eye - 358  

නයිජීරියාව මෙම පියවර සාධෘරණීකරණය කරන්නේ, දේශීය දක්ෂතා වර්ධනය කිරීමේ අවශ්‍යතාවට සහ සමස්තයක් ලෙස ආර්ථික වර්ධනයට සහයෝගය දැක්වීමේ අවශ්‍යතාවක් ලෙස පවසමිනි.

පෑලියගොඩ මීගමුව මාර්ගයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අසල දී සිදු කළ වැටලීමකදී පොලිස් නිලධාරීන්ට ලක්ෂ 30 ක අල්ලස් මුදල් ලබාදීමට තැත්කළ පුද්ගලයන් තිදෙනෙක් රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් කොකේන් , කුශ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලීසිය කියයි.

Read More

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී තිබෙන තාවකාලික ආර්ථික අර්බුදයේ දී ශ්‍රී ලංකාව ඉන් මුදවා ගැනීම සඳහා චීන රජයේ අඛණ්ඩ සහයෝගය හිමිවන බව චීන තානාපති චී ෂෙන්හොං මහතා මහනුවර දී පැවසීය .

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හත්දෙනෙකු එම ආයතනයේ රුපියල් මිලියන ගණනක් වැයකොට විදේශ රටක විනෝද චාරිකාවක් යාමට සැලසුම් කොට තිබියදී එය අත්හිටවූ බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පැවසීය.

Read More

නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ පළමු විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කර ජාතික විදුලි පද්ධතියට එක්කිරීම හේතුවෙන් අද (28) විදුලිය කප්පාදුව පැයක් දක්වා අඩු කරන බව මහජන උපයෝගීතා කොමිෂම පවසයි.එම පැයක විදුලි කප්පාදුව රාත්‍රීයේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

අනුරාධපුර කලත්තෑව ප්‍රදේශයේ පිහිටි නිවසක ගෙවත්තේ ඇති පොල් ගසක, කඳ ප්‍රදේශයෙන් අසාමාන්‍ය ලෙස පොල් ගෙඩි හට ගැනීමේ පුවතක් වාර්තා වේ.

Read More

ඉදිරි මාස හතර සඳහා ඉන්ධන මිලදී ගැනීම සඳහා රටට ඩොලර් බිලියන 2 කට වඩා වැඩි මුදලක් අවශ්‍ය වීමත් සමග විදේශීය තෙල් සමාගම්වලට ශ්‍රී ලංකාවෙ සිල්ලර මෙහෙයුම් සඳහා ඉන්ධන පිරවුම්හල් 500 ත් 700 ත් අතර ප්‍රමාණයක් භාර දීමට නියමිතය.

Read More

ඉදිරියේදී පත්කිරීමට නියමිත රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා වරප්‍රසාද හිමි නොවන්නේ නම් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙසින් ලබන 30 දා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ මහතාට සහාය පළ කරන කණ්ඩායම ප්‍රකාශ කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Read More

වන අලියා බෝග හානි සිදු කළත්, ඌ ආරක්ෂිත සත්ව ලැයිස්තුවෙන් ඉවත් නොකිරීමටත්, නමුත් ආරක්ෂිත සත්ව ලැයිස්තුවේ සිටින වගාහානි සිදු කරන අනෙක් සතුන් එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ඒ සඳහා පත් කළ කමිටුවේ අවධානය යොමු වේ.

Read More

සිංගප්පූරු ධජය යටතේ භාණ්ඩ රැගෙන යාත්‍ර කරමින් තිබියදී ඉකුත් වසරේ මැයි මස 20 වැනිදා මෙරට මුහුදු සීමාවේදී ගිලී ගිය එම්.වී එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් ප්‍රවාහන නෞකාව හේතුවෙන් මුහුදු තීරයට හා වෙරළ තීරයට සිදුවූ පරිසර හානිය ගණනය කර සකස්කළ පළමු අතුරු වාර්තාව නෞකා අනතුරු වන්දි ලබාගැනීම පිළිබද විශේෂඥතාවයක් සහිත ඕස්ට්‍රේලියානු නීතිඥ ආයතනය වෙත යවා තිබෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ලහදපුර මහත්මිය පැවසුවාය.

Read More

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙන් හා මිල්කෝ ආයතන මගින් මුදවන ලද කිරි නිපදවීම නවත්වා දියර කිරි, හා පිටි කිරි ඇතුළු කිරි ආශ්‍රිත සෙසු නිෂ්පාදනයන් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා උපදෙස් දෙයි.

Read More

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන් මහතා සහ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද ඊයේ (27දා) මහනුවර සංචාරයක නිරතවීමට නියමිතව තිබුණත් ඉන්දියානු මහ කොමසාරිස්වරයා හදිසියේම එම සංචාරය අවලංගු කර දැමීමට පියවර ගෙන තිබුණි.

Read More

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙතෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියෙකු පත්කර නොමැති බව තොරතුරු දැනගැනීමේ කොමිසන් සභාවේදී අනාවරණය වේ.

Read More

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඇෆ්ගනිස්ථානය කඩුලු 8ක පහසු ජයක් වාර්තා කළේය.

Read More

හෙට දිනයේදී තමන්ට අවශ්‍ය ඩීසල් නොලැබුණහොත් සඳුදා දිනයේදී පාසල් ළමුන් ප්‍රවාහන රථ ක්‍රියාත්මක නොවෙනු ඇතැයි සමස්ත ලංකා පාසල් වෑන් රථ සංගමය පවසයි.

Read More

සමගි ජන බලවේගයේ දූෂණ විරෝධී ප්‍රයත්නයට රන්ජන් රාමනායක මහතා නායකත්වය දෙනු ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

බෙදා හැරීමේ අඩුපාඩු, ගොඩබෑමේ ප්‍රමාදයන් සහ ඉන්ධන පිරවුම්හල් මගින් ඇණවුම් සඳහා ගෙවීම් ප්‍රමාද වීම ඉන්ධන හල් අසළ දිගු පෝලිම් නිර්මාණය වීමට හේතුව බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

ලංකා විදුලි බල මණ්ඩලයේ දැනට සිටින 26000ක් වන කාර්ය මණ්ඩලය අඩකින් අඩු කළ හැකි බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මෙන්ම තොග ගබඩා පර්යන්තයේ සේවකයන් 4200යකගෙන් කරන කාර්යයන් සේවකයන් 500කින් සිදුකළ හැකි බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ අක්‍රීය වූ යන්ත්‍රය යළිත් ජාතික පද්ධතියට සම්බන්ධ කර ඇති හෙයින් දැනට ක්‍රියාත්මක කර ඇති විදුලි කප්පාදුවේ අඩු කිරීමක් සිදුකළ හැකිදැයි යන්න ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයෙන් විමසා තිබේ

Read More

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ අක්‍රීය වූ පළමු ජනන යන්ත්‍රය යළිත් ජාතික පද්ධතියට එක්කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. පසුගිය 10 දා මෙම යන්ත්‍රයේ තාක්ෂණික දෝශයක් හට ගැනීම හේතුවෙන් එය අක්‍රීය විය.

Read More

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරිය වන දුලාංජලී ජයකොඩි මහත්මිය ඊයේ (26දා) උදෑසන දිවයිනෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.

Read More

මීට පෙරද අවස්ථා දෙකකදී රක්ෂණ ආයතනය වෙතින් ලද රු. ලක්ෂ 3480 ක් සහ රු. ලක්ෂ 3350 ක් බැඟින් වු අතුරු වන්දි මුදල් මෙම ධීවර ජනතාව වෙත බෙදා දීමට ධීවර අමාත්‍යාංශය විසින් කටයුතු කරන ලදි’

Read More

නමුත් මේ වෙලාවේ තියන සීමිත සම්පත් ප්‍රමාණය වඩාත් කාර්යක්ෂම සහ වඩාත් ප්‍රයෝජනවත් විදිහට භාවිතා කිරීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඒ තත්ත්වය සමනය වුනාට පස්සේ ක්‍රමානුකූලව මේවා ඉවත් කළාම යම් කිසි ආකාරයක සීමා අයින් කරන්නත් පුළුවන්.

Read More

ශ්‍රී ලංකාවේ සිසුන් 18 දෙනෙක් වෙනුවෙන් පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට චීනය කටයුතු කර තිබේ. මේ අනුව උපාධි අපේක්ෂක සිසුන් 7ක්, පශ්චාත් උපාධි 10ක් හා ආචාර්ය උපාධියක් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රධානය කර තිබේ.

Read More

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය වෙනුවෙන් අවශ්‍ය ගල් අඟුරු මිලදී ගැනීිම වෙනුවෙන් වූ ටෙන්ඩරය ඒ සඳහා අවම ලංසුව ඉදිිපත් කළ සමාගමට ප්‍රධානය කළ බව විදුලිි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

සැප්තැම්බර් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (27 සහ 28) දෙදින ද ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිසම අද (26) පස්වරුවේ පැවසීය. නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම සහ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් මෙසේ තවදුරටත් විිදුලිි කප්පාදුව පැය තුනක කාලයක පවත්වා ගනියි.

Read More

තදවැසි,තද සුළං පිළිබඳව අවවාදාත්මක නිිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තම්න්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

Lanka Remit නමින් හඳුන්වනු ලබන ජාතික ජංගම යෙදවුම (Mobile app) විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් අතර ප්‍රචලිත කිරීමේ අරමු‍ණෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ශ්‍රි ලංකා මහබැංකුව එක්ව සංවිධානය කළ, එහි විශේෂාංගයන් හඳුන්වාදීමේ උත්සවයක් අද (26) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි. විදෙස් රැකියා සදහා පිටත්වීමට සූදානම් වන ශ්‍රමිකයන් වෙත Lanka Remit ජංගම යෙදුම තුළින් ලැබෙන පහසුකම් සහ ප්‍රතිලාභ හඳුන්වා දීමට මෙහිදී ප්‍රමුඛත්වය ලබා ද

Read More

පවතින මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී අද (26) පස්වරුවේ පැවැත්විණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.