පෑලියගොඩ මීගමුව මාර්ගයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අසල දී සිදු කළ වැටලීමකදී පොලිස් නිලධාරීන්ට ලක්ෂ 30 ක අල්ලස් මුදල් ලබාදීමට තැත්කළ පුද්ගලයන් තිදෙනෙක් රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් කොකේන් , කුශ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලීසිය කියයි.
සැකකරුවන් සමග කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ එකක්,හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ විසිහතරක් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් අටක් සැකකරුවන් පැමිණි ජීප් රථයක් සහ තී රෝද රථයක්ද පොලිසිය භාරයට ගෙන ඇත.පෑලියගොඩ පොලිසියේ රාත්‍රී ජංගම සංචාරයේ එහි සිටි නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.
පොලිස් නිලධාරීන් සංචාරයේ යන අවස්ථාවේදී ත්‍රීරෝද රථයකින් යම් භාණ්ඩ වගයක් ජීප් රථයට පටවන අයුරු නිරීක්ෂණය වීමෙන් අනතුරුව එම ස්ථානයට ගොස් සිදු සිදුකරන ලද වැඩිදුර විමර්ශන වලදී තිරෝද රථය තුළ කාඩ්බෝඩ් පෙට්ටි තුනක් හා ගමන් මළු හතරක් තිබී ඇතැයි පොලිසිය කියයි.
එම බෑග් සහ කාඩ්බෝඩ් පෙට්ටි සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරීක්ෂාවේ දී මෙම මත්ද්‍රව්‍ය ගබඩා කර තිබූ බව පොලිසිය කියයි
එම අවස්ථාවේදී සැකකරුවන් පොලිස් නිලධාරීන්ට රුපියල් ලක්ෂ 30 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා දී තමන්ව එම ස්ථානයෙන් යවන ලෙස ප්‍රකාශ කර තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 ,49 අතර පසුවන නාත්තණ්ඩියේ සහ වත්තල පදිංචිකරුවන්ය. පෑලියගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.