ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී තිබෙන තාවකාලික ආර්ථික අර්බුදයේ දී ශ්‍රී ලංකාව ඉන් මුදවා ගැනීම සඳහා චීන රජයේ අඛණ්ඩ සහයෝගය හිමිවන බව චීන තානාපති චී ෂෙන්හොං මහතා මහනුවර දී පැවසීය .
ඒ මහතා ඊයේ (27) මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක මාධ්‍ය හමුවේ ඒ බව අවධාරණය කරමින් වැඩිදුරටත් මෙසේ පැවසීය .
“ශ්‍රී ලංකාවේ මේ වන පවතින ආර්ථික අර්බුදය එක් රැයකින් නිමා නොවුනත් කෙටි සාධාරණ කාලයක් තුළදී ශ්‍රී ලංකාවට ඉන් මිදීමට හැකියාව පවතින බව චීන රජයේ විශ්වාසයයි . චීන රජයේ සහයෝගිතා ආධාර ප්‍රදානයට අමතරව චීන බෞද්ධ සංගමය මගින් මෙරට විහාරස්ථාන හා බුදු දහමේ පුනර්ජීවනය උදෙසා ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක් සැලසුම් කොට තිබෙනවා .
ඉකුත් කාලයේ ශ්‍රී ලංකාව තුළ විවිධ වෙනස්කම් සිදු වුවත් ශ්‍රී ලංකා චීන මිත්‍රත්වය තුළ කිසිදු වෙනස්වීමක් සිදු වූයේ නැහැ. දෙරට අතර දී ද්විපාක්ෂික සම්බන්ධතා අඛණ්ඩව පවත්වා ගැනීම චීන රජයේ අරමුණයි. පවතින අසීරු තත්ත්වයෙන් මිදීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබෙන බව අපගේ විශ්වාසයයි. එය සඳහා චීන රජයේ නොමද සහය පළ කරනවා”
ෂේන් සෙනෙවිරත්න