ක්‍රිකට් ලොක්කන් 7කගේ විදෙස් සංචාරය අර්ජුන නවත්වයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හත්දෙනෙකු එම ආයතනයේ රුපියල් මිලියන ගණනක් වැයකොට විදේශ රටක විනෝද චාරිකාවක් යාමට සැලසුම් කොට තිබියදී එය අත්හිටවූ බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පැවසීය.
ඒ මහතා ඒ බව අවධාරණය කර සිටියේ ඊයේ (27) මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි . එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
“ක්‍රිකට් ආයතනයේ සිටින නිලධාරීන් හත් දෙනෙක් විදේශ රටක විනෝද චාරිකාවක් යාම සඳහා අනුමැතිය ඉල්ලා තිබුණා.ඒ අයට ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකක් පත්, ඒ යන රටවල් වල නැවතීම සඳහා ඉහළම හෝටල්වල පහසුකම් සමග ඔවුන්ට දිනකට ඩොලර් 650ක් ගෙවීමට නියමිතව තිබුණා.
අපි ක්‍රීඩා සභාව හැටියට ඊට විරුද්ධ වුණා. මේවා නවත්වනකොට අපිට ප්‍රශ්න එනවා. මම මෙතැනට ආවේ හරි දේ කරන්න. අපි ඉදිරියේදී සොයා බලනවා කොතරම් අනවශ්‍ය පුද්ගලයන් මේ ආකාරයට විදේශගත වී තිබෙනවාද කියා.
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඩුබායි රටට යාම ප්‍රශ්නයක්. රටේ පැත්තෙනුත් ක්‍රිකට් පැත්තෙනුත් බැලූවිට අපිට ලොකු දෙයක් ඉන්න නැති වී තිබෙනවා. එම තරඟාවලිය මේ රටේ පැවැත්වූවා නම් අපේ තණතිලි හදන්නේ අපිට උචිත ආකාරයට.
ඩුබායිවල තණතිලි හදන්නේ බොහෝවිට පාකිස්ථානයට ඉන්දියාවට වැනි රටවල් වලට සහාය වන ආකාරයෙන්.
අපේ රටේ මේ වෙනකොට තිබෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් පමණයි. එසේ නොමැතිව බෝම්බ පුපුරන ප්‍රශ්නයක් නොවෙයි. තරගාවලිය අපට අහිමි වීම පිළිබඳව පුළුල් විමර්ශනයක් කළ යුතුව තිබෙනවා.”
ෂේන් සෙනෙවිරත්න
popular news
-
Kumar Sunday, 28 August 2022 02:14 PM
Nutunna bari ayath ohoma ohoma kiyanawaa neda.
Reply : 0 0
Hubert Monday, 29 August 2022 02:01 AM
supper that's the way to be treated to rogues
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

