saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 5724 hours ago

LATEST

ගොවි ණය කපාහරියි

calendar_today 2022 අගෝ 30 - 14:16 remove_red_eye - 452  

හෙක්ටයාර් 2ට අඩු ගොවීන් ලබාගත් ණය කපා හැරීමට කටයුතු කරන බව ජනති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. මේ අනුව රාජ්‍ය බැංකුවලින් ලබාගත් ණය මේ අනුව අත්හිටුවන බවත් ප්‍රතිලාභ ලබන ගොවීන් සංඛ්‍යාව 28000ක් බවත් ජනපතිවරයා සඳහන් කළේය.

ගැබිනි මව්වරුන්ට දැනට ලබාදෙන රුපියල් 20000ක දීමනාව වෙනුවට තවත් රුපියල් 2500ක මාසික අතිරේක දීමනාවක් ලබාදීමට යෝජනා කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ආහාර සුරක්ෂිතතාවක් නොමැති පවුල් 61000ක් වෙනුවෙන් මෙම පවුල් සඳහා වසරේ ඉදිරි කාලසීමාව තුළ මසකට රුපියල් 10000 බැගින් ලබාදීමට කටයුතු කරන බව ජනපතිවරයා පැවැසිය.

Read More

2022 Changchun ගුවන් සංදර්ශනයේදී එහි කැපී පෙනෙන කාර්ය සාධනය සමග ගුවන් හමුදාවේ උපාය මාර්ගික බල හැකියාව වැඩිදියුණු කිරීම ඉස්මතු කර තිබේ.

Read More

ලංකා බැංකුව හා මහජන බැංකුව සතු කොටස්වලින් සියයට 20ක් එම බැංකුවල සේවකයන්ට හා තැන්පත්කරුවන්ට ලබාදිමට යෝජනා කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිය අතුරුඅයවැයෙන් ප්‍රකාශ කළේය.

Read More

ණය කලමණාකරනය කිරීම වෙනුවෙන් දැනට ශ්‍රී ලංකා මහ බැංකුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ජාතික අයවැය දෙපාර්තමේන්තුව හා මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව යටතේ සිදුකරන ලබන ණය කළමනාකරණය වෙනුවට ස්වාධීනව ක්‍රියාත්මක වන ජාතික ණය ස්වාධින ආයතනයක් මහා භාණ්ඩාගාරය යටතේ පිහිටුවනවා.

Read More

ක්‍රියාකාරීන්ගේ ආයාචනා තිබියදීත්, සත්කාරක පවුල් සඳහා ගෙවීම් වැඩි කිරීමෙන් ගැටලුව වළක්වා ගත හැකිද යන්න පැහැදිලි නැත.

Read More

නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල් සහ රන් ආභරණ තොගයක් රාජ්‍ය බැංකු ශාඛාවක තැන්පත් කර තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක් වන ග්‍රෑන්ඩ්පාස් ඩිලානි ප්‍රියදර්ශනී හෙවත් ලොක්කි නැමැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Read More

රජයේ ආයතන සතු අබලි ද්‍රව්‍ය බැහැර කර ආදායමක් උපයා ගැනිම වෙනුවෙන් රජයේ නිලධාරීනගෙන් සමන්විත කමිටුවක් ස්ථාපිත කරන බව ජනපතිවරයා පැවැසීය. මේ හරහා විශාල ආදායමක් උපයා ගත හැකි බවද ඔහු පැවැසීය.

Read More

එක්සත් ජනපද ආයුධ නිෂ්පාදකයා වන රේතියොන් 2024 අගෝස්තු වනවිට යුක්රේනය වෙනුවෙන් NASAMS පද්ධති නිෂ්පාදනය කිරීමට නියමිතය.

Read More

රජය සතු ව්‍යවාසය ප්‍රතිව්‍යුහ ගත කිරීම වෙනුවෙන් ඒකකයක් ස්ථාපති කරන බවත් ඒ සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කරන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

රජයේ ප්‍රතිපත්තියක් ලෙස රජයේ කාර්යයන් සඳහා මින් මතු පොසිල ඉන්ධන පාදක කරගෙන ධාවනය කරන වාහන මිලදී ගැනීම අත්හිටුවන බව ජනපතිවරයා සිය අයවැය කථාවෙන් පැවැසීය.

Read More

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන් අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60ක් දක්වා අඩු කරන බවත් දැනට අවුරුදු 60 ඉක්මවා ඇති සියලු රාජ්‍ය සේවකයන් දෙසැම්බර් 31 දා වන විට විශ්‍රාම ගත යුතු බවත් ජනපතිවරයා සිය අයවැය කථාවෙන් පැවැසීය.

Read More

“ප්‍රසස්ත ලෙස භාවිත කිරීම සඳහා මෙන්ම ආදායම් උපයා ගැනීමේ ක්‍රියාවලිය සඳහා සුදුසු දේපළ හඳුනා ගැනීමට රජය සතු ගොඩනැගිලි, වාහන, ඉඩම් ඇතුළු නිෂ්චල හා චංචල දේපළ පිළිබඳ පුළුල් අධ්‍යනයක් කරනවා”

Read More

“ආදායම් ඉහළ නැංවීම සඳහා බදු එකතුකිරීමේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට, බදු අනුකූලතාව වැඩි කිරීමට හා බදු ගෙවීම පැහැර හැරීම වැළැක්වීමට බදු පරිපාලනය ප්‍රධාන කාර්යයක් ඉටු කළ යුතු වෙනවා. දැනට පවතින අවශ්‍යතාවන්ට අනුකූලව බදු නිදහස් සීමා නොසලකා වයස අවුරුදු 18 වැඩි සියලු වාසික පුද්ගලයන්ට අනිවාර්යයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීමේ අවශ්‍යතාව හඳුන්වාදීමට යෝජනා කරනවා”

Read More

ලබන පළමුවැනිදා සිට එකතු කළ අගය මත බද්ද සියයට 12 සිට සියයට 15 දක්වා වැඩිකරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අය වැය ඉදිරිපත් කරමින් පැවැසීය.

Read More

විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් යොමුකිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ යුතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

Read More

ජනසතුකරණය මුවාවෙන් රාජ්‍ය ව්‍යවසාය අතට ගත් ගත් බවත් මේ අනුව ජනතා බදු මුදලින් වැඩි ප්‍රමාණයක් ඒම ව්‍යාපර නඩත්තු කිරීමට යොදවන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය විසඳීම සඳහා ජපානය අනෙකුත් ණය හිමියන් සමඟ සම්බන්ධීකරණය කරන බවත් ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් එකම මේසයක සිට සාකච්ඡා කරන ලෙස සියලුම ණය දෙන ජාතීන්ගෙන් ඉල්ලා සිටින බවත් ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා අඟහරුවාදා ප්‍රකාශ කළේය.

Read More

නුවරඑලිය උඩුපුස්සැල්ලාව සිට මඩකලපුව දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් බස් රථයේ ගමන් ගත් 18 දෙනෙකු තුවාල ලබා වලපනේ ප්‍රාදේශිය රෝහලට සහ රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව වලපනේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එන්.ඩි.හෙට්ටිආරච්චි මහතා පැවසිය.

Read More
අයවැය අද
30 08 2022 12:19:00
0 262

අයවැය විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (30දා)පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

ගණේමුල්ල ,හොරගොල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කොට ඇති බව ගණේමුල්ල පොලීසිය සදහන් කරයි.

Read More

යාපනය තොණ්ඩමනාරු ප්‍රදේශයේදී රුපියල් මිලියන අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 51 ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (29දා) අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

කළුතර මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මගින් නීති දෙකක් ක්‍රියාත්මක කරමින් අත්තනෝමතික ලෙස කටයුතු කිරීම හේතුවෙන් තමන්ට දැඩි අසාධාරණය සිදුවී ඇති බව පවසමින් මාර්ග අංක 162 බණ්ඩාරගම කොළඹ සුඛෝපභෝගී බස් රථ සේවකයෝ අද (30දා) ධාවනයෙන් වැළකී වර්ජනයක නියැලුණහ.

Read More

වයස අවුරුදු 14 ක දරුවෙක් පසුගිය 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට වානිජ විෂය ධාරාව යටතේ පෙනී සිට ’’ බී ’’ සාමාර්ථ තුනක් සහිතව සමත්වීමෙන් මෙරට වාර්තාවක් තැබීමට සමත්ව ඇත.

Read More

පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා අර්බුධයට මුහුණ පෑ රට නිවැරදි මාර්ගයට ගෙන ඒමට ප්‍රතිසංශෝධිත අයවැය මගින් පියවර ගෙන තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලින් සමන්විත ජාතික සභාවක් පිහිටුවීම සඳහා, මූලික කෙටුම්පතක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පක්ෂ නායකයන් වෙත ඊයේ (29දා) දින ඉදිරිපත් කරනු ලැබීය. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති පක්ෂ නායක රැස්වීමේදීය.

Read More

ස්වීඩනය සහ ඩෙන්මාර්කය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පනවා තිබී සංචාරක උපදේශන ලිහිල් කිරීමට කටයුතු කර තිබේ. මෙම රටවල් දෙකම ඊයේ සවස මෙසේ තම සංචාරක උපදේශන ලිහිල් කළ අතර එය ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රබෝධමත්වීම සඳහා ධනාත්මක ලකුණක් වනු ඇත.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටින් පිටව ගියේ සුන්දර පරිසරයක් යටතේ නොවන බවද ඔහු පැවැසීය. ඒ අනුව ඒ මහතා මෙරටට පැමිණීමේදී අවශ්‍ය ආරක්ෂාව හා හිටපු ජනපතිවරයෙකුට සුදුසු පහසුකම් සැපයීම කළ යුතු බවද කාරියවසම් මහතා පැවැසීය.

Read More

මට්ටක්කුලියේදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. යතුරු පැදියකින් පැමිනි දෙදෙනක් විසින් පිස්තෝල අවියකින් කළ වෙඩි තැබීමකින් මෙම ඝාතනය සිදුව තිබේ.

Read More

මානව හිමිකම් කවුන්සිලයේ (HRC) 51 වැනි සැසිවාරය 2022 සැප්තැම්බර් 12 - ඔක්තෝබර් 07 වැනි දින දක්වා ජිනීවා හිදී පැවැත්වීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.