නුවරඑළිය සිට බදුල්ල දක්වා ධාවනය වු සහල් රැගත් ලොරි රථයක් නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ හග්ගල ප්‍රදේශයේදි අඩි 50 ක් පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් එම ලොරි රථයේ ගමන් ගත් රිය සහයකයා තුවාල ලබා නුවරඑලිය මහ රෝහල වෙත ඊයේ (05දා) පස්වරුවේ ඇතුලත් කර ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.
නාවික හමුදාව යාපනය කිලාලි, කලපු ප්‍රදේශයේ ඊයේ (05දා) රාත්‍රී කාලයේ සිදුකල පාමුර සංචාරයකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 37 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කිලාලි, මනල්කාඩු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreකොන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව ජයග්‍රහණයෙන් පසු එක්සත් රාජධානියේ මීළඟ අගමැති වීමට ලීස් ට්‍රස් සූදානම්.
Read More“වර්තමාන මහ බැංකු අධිපතිතුමා පන්නන්න අපිට කිසිම උවමනාවක් නෑ. එතුමා පත්කළේ හිටපු ජනපතිතුමා. එතුමාගේ කාලය දීර්ඝ කලේ වත්මන් ජනපතිතුමා. විපක්ෂය මේ රටට පෙන්වන්න හදනවා මහ බැංකු අධිපතිතුමාව පන්නන්න හදනවා කියලා. මම දන්නේ නෑ එතුමන්ලාට එහෙම උවමනාවක් තිබෙනවද කියන කාරණාව.”
Read Moreලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද අඩුවෙන විට මිල සූත්‍රයට ඒක ගන්න බෑ. මොකද මිල සූත්‍රයට අපි ගන්නේ පසුගිය දවස් 30 තුළ තිබුණ සාමාන්‍ය අගය. ඒ සාමාන්‍ය අගය හා අපි ආනයනය කරන මිල එකතු කළ යුතුයි. පරිපහදුවෙන් නිෂ්පාදනය කරන ඒවාගේ මිලත් ආනයන කරන ඒවාගේ මිලත් සැලකිල්ලට ගෙන තමයි අපිට මිල තීරණය කළ යුතු වන්නේ.
Read Moreරුසියානු තෙල් සමාගම්වලට ලංකාවට ඉන්ධන ලබාදිය හැක්කේ පෙර ගෙවීමේ පදනම මත පමණක් බවත් ලංකාවේ පවතින ටෙන්ඩර් ක්‍රියාවලියට ඔවුන්ට එක්විය නොහැකි බවට ප්‍රකාශ කර ඇති බවත් අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreබටහිර කැනඩාවේ සස්කැච්වන් පළාතේ ඉරිදා අලුයම පිහි ඇනුමකින් පුද්ගලයන් දස දෙනෙකු මිය ගොස් තවත් 15දෙනෙකු තුවාල ලැබීය.
Read More22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත ලබාදී තිබේ. ඒ අනුව එහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම් දි තිබේ.
Read More“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයරනිල් වික්‍රමසිංහ මහතා සමග තියෙන පෞද්ගලික තරහෙන් වෛරයෙන්, ක්‍රෝධයෙන් ගන්නා තීන්දුවලට අපි කැමැති නැහැ. රට කවුරු බාරගත්තත් බැරිවෙලාවේ ගන්න කෙනා එක්ක මාස 6 ක් හෝ අවුරුද්දක් ජනතාවට යමක් වෙනවාද කියා බලන්න එයාට සහයෝගය දෙන්න අවශ්‍යයි. ඒ නිසා අපි 8 දෙනෙක් පක්ෂ ව්‍යවස්ථාවට විරුද්ධ වුණා”
Read Moreභූමිකම්පාවෙන් පසු 200කට අධික පිරිසක් හෙයිලුඕගොව් දර්ශනීය ප්‍රදේශයේ සිරවී සිටින බවද චීන බලධාරීන් පවසයි.
Read Moreදවුලගල, යාලේගොඩ ප්‍ර දේශයේදී නිවසක් ආසන්නයේ තිබූ පැති බැම්මක් නිවසක් මතට කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් තිබේ.
Read Moreබටහිර සම්බාධක ඉවත් කරන තුරු යුරෝපා සංගමයට යන නෝඩ් ස්ට්‍රීම් 1 ප්‍රධාන ගෑස් නල මාර්ගය වසා දමනු ඇති බව ක්‍රෙම්ලීනය පවසයි.
Read Moreහෙට (06දා) සිට එළැඹෙන 9 දා දක්වා විදුලි කප්පාදුව පැයක් පමණක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
Read Moreමෙම ප්‍රහාරකයා තානාපති කාර්යාලයේ ගේට්ටුව අසලට පැමිණෙන විට සන්නද්ධ ආරක්ෂකයින් විසින් වෙඩි තබා ඝාතනය කිරීම නිසා ප්‍රහාරයේ හානිය අවම වී ඇත.
Read Moreඅද (05) සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාලාභීන්ට තම ගෙවීම් සිදු කිරීමට ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු සියලුම විද්‍යුත් කාඩ්පත් භාවිත කිරීමට හැකි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) ඩී. කුසලානි ද සිල්වා මහත්මිය පවසයි.
Read Moreඑක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ ’’විකාර’’ තීරණ මෙහිදී චෝදනාවට ලක්විය යුතු බව ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක පවසයි.
Read Moreබ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස බ්‍රිතාන්‍ය විදෙස් ලේකම් කටයුතු කරන ලිස් ට්‍රස් තේරි පත්විය. ඒ බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයේ පැවැති ඡන්දයකිනි. ඇය එම පක්ෂයේම රිෂී සුනාක් පරාජයට පත්කරමින් මෙලෙස අගමැති ලෙස පත්වූවාය.මේ අනුව ඇය කොන්සර්වේටිව් පක්ෂයේ නායිකාව ලෙසද නම් කර ඇත.
Read Moreකුරුණෑගල ප්‍රදේශයට අද (05) දිනය පුරා ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජලයෙන් පිරී ගිය බෝක්කුවකට ඇද වැටීමෙන් එහි සිරවීමෙන් 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු මරණයට පත්ව ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි.
Read Moreවැවිලි ක්ෂේත්‍රය සදහා වල්නාශකයක් ලෙස යොදා ගන්නා ග්ලයිෆෝසේට් ආනයනයට අවසර ලබා දීමට අදාළව 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවන ලද රෙගුලාසි රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී පසුගියදා සලකා බැලුණු අතර දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කාරක සභාවේ අනුමතිය ලබාදෙන ලදී.
Read Moreනාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතිවල නිවාස ඩොලර් මගින් මිල දි ගන්නා අයට 10%ක් වට්ටමක් ලබාදීමට තීරණය කෙරේ. විදෙස්ගත ලාංකිකයන් සහ ශ්‍රමිකයන් සදහා මෙම නිවාස ඩොලර් මගින් මිල දි ගැනීමට අවශ්‍ය පහසුකම් මේ වන විට සලසා ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. රටේ පවතින ඩොලර් අර්බුදයට පිළියමක් ලෙස මෙම නව ක්‍රම වේදය හදුන්වා දුන් බව ද ඔහු සදහන් කරයි.
Read Moreයුද්ධය හේතුවෙන් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය පහසු සහ කාර්යක්ෂමව සිදු කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කමිටුවක් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
Read Moreසැප්තැම්බර් මස 15 වන විට තිරිගු පිටි ප්‍රශ්නයට විසදුම් ලැබී පාන් මිල ඉහළ යමින් තිබෙන තත්වය පහව යනු ඇතැයි වෙළඳ හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ජා-ඇල දී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය.
Read Moreසැප්තැම්බර් මස 15දා වන විට අප මුහුණ දී තිබෙන තිරිගු පිටි ප්‍රශ්නයට විසදුම් ලැබී පාන් මිල ඉහළ යමින් තිබෙන තත්වය පහව යනු ඇතැයි වෙළඳ හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ජා-ඇල දී මාධ්‍ය හමුවකදී පැවසීය.
Read Moreමෙරට දරුවන්ගේ සහ මවුවරුන්ගේ මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධව යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (6දා) සහ අනිද්දා (7දා) පැවැත්වීමට නියමිතය.
Read Moreඋඩරට මාර්ගයේ සති අන්තයේ ධාවනයවන “ELLA ODYSSEY” දුම්රිය 2022.09.08 දින සිට දැනට ධාවනය වන දුම්රියට අමතර තව ගමන් වාර දෙකක් ධාවනය කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටී.එස්. පොල්වත්තගේ මහතා නිවේදනය කරයි.
Read Moreතොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මලික් රණසිංහ මහතා පසුගියදා එම ධූරයේ රාජකාරි ඇරඹීය.
Read Moreයාපනය අච්චුවේලි පොලිස් වසමේ සිරුප්පිඩ්ඩි ප්‍රදේශයේදී මෝටර් රථයක් යතුරුපැදියක ගැටීම හේතුවෙන් යතුරුපැදියේ ගමන්ගත් කුඩා දරුවෙකු ඇතුලු එකම පවුලේ තිදෙනෙකු ඊයේ (04දා) සවස බරපතල තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
Read Moreයාපනය අනලතිව් දූපතේ ජනතාවට මෙතෙක් කල් ගැටලුවක්ව පැවති බස් ප්‍රවාහනයට විසඳුමක් ලෙස නව බස් රථයක් ලබාදීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඇතුලු ගමනාගමන මණඩල නිලධාරීණ් හා නාවික හමුදාව පියවර ගනු ලැබීය.
Read Moreඅනුරාධපුර පොලිසිය මගින් මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලම හෙරොයින් මත්කුඩු තොගය වන රුපියල් කෝටි පහකට වැඩි හෙරොයින් මත්කුඩු කිලෝ 2 කට වැඩි ප්‍රමාණයක් සමග කාන්තාවක් අද ( 5දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreගෝල්ෆේස් අරගල භූමියේ තිබී හමුවූ බවට සැකකරන ටී 56 ජීව උණ්ඩ 30 ක් සහිත මැගසීනයක් සමග පුද්ගලයෙකු අද (05දා) පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
Read More