යල් පැන ගිය ඇතැම් බන්ධනාගාර පනත් වර්තමාන අවශ්‍යතාවලට ගැලපෙන පරිදි වෙනස් කළ යුතු බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද ( 08දා) පැවසීය.
අධිකරණ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පාදුක්ක වටරැක බන්ධනාගාරයේ කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එහි පැමිණ සිටි මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දෙමිනි.
දහ තුන් වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විශේෂයෙන් ගෙන ආ යුතු දෙයක් නොවන බවත්, එය මෙරට ව්‍යවස්ථාවේ පවතින තවත් සංශෝධනයක් වන අතර එම සංශෝධනය මගින් හදුන්වා දී ඇති පිරිදි සමස්ත රටේම ඉඩම් ජනතාව අතර බෙදාදීම සදහා ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කර ඉඩම් කොමිෂන් සභාවක් පත් කිරීමට කටයුතු කළ යුතු බවයි, එහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යවරයා පැවසීය.
මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවීම හේතුවෙන් පුනරුත්ථාපනය සදහා යොමු කර ඇති වයස අවුරුදු 16-22 ත් අතර තරුණයින්ගේ අධ්‍යාපන කටයුතු සදහා වටරැක බන්ධනාගාරය තුල ස්ථාපිත කර ඇති සුනීත විද්‍යාලයේ පහසුකම්, බන්ධනාගාර රෝහල හා බන්ධනාගාර වැඩ කදවුරේ කටයුතු ඇමතිවරයා නිරීක්ෂණය කළ අතර එහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ යල් පැන ගිය ඇතැම් බන්ධනාගාර පනත් වර්තමාන අවශ්‍යතාවලට ගැලපෙන පරිදි වෙනස් කළ යුතු බවයි.
දැනට පවතින බන්ධනාගාර අණ පනත් 1939 වසරේ හදුන්වා දුන් ඒවා බැවින් එම පනත් යාවත් කාලීන කරන ලෙස උපදෙස් ලබා දුන් අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේ පසුගියදා සම්මත කරන ලද නව පුනරුත්ථාපන පනත මගින් සිරකරුවන් හා මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් සම්බන්ධව පුර්ණ පරිවර්තනයක් සහිත වැඩ පිළිවෙළක් දියත් කරන බවයි.
එහිදී මාධ්‍ය වේදීන් යොමු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ පසුගිය කාල සීමාව තුළ ආර්ථික වශයෙන් විනාශ වු රට මේ වන විට යථා තත්වයට පත් වෙමින් ඇති අතර රට යළි ගොඩ නැංවීම සදහා සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවයි.
ශ්‍රී ලංකාව නැවත ගොඩ ගැනීම සදහා ශක්තිමත් වැඩ පිළිවෙළක් සහිත ප්‍රතිපත්ති ප්රකාශනයක් ගරු ජනාධිපතිවරයා විසින් රාජාසන කථාව ඉදිරිපත් කරමින් සිදු කළ බවත්, එම කථාව රට ගොඩ නැගීමට හැකි සාධනීය කථාවක් බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතීඥ අනුරාධ ජයරත්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක, වටරැක බන්ධනාගාරයේ ස්ථාපිත කර ඇති සුනීත විද්‍යාලයේ විදුහල්පති සුමන සිරි අමරසිංහ, වටරැක බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරී පුලින කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
