මාළු කපන මන්නයකින් ගෙල කපා කළුතර පලාතොට ප්‍රදේශයේ 27 හැවිරිදි තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බාල සොහොයුරා අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .
කළුතර , පලාතොට විජයගම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටී පින්නදූව හේවගේ අනුරුද්ධ ධනංජය ද සිල්වා යන අය ඊයේ (07දා) පස්වරුවේ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණි .
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කල පොලිසිය එදිනම පස්වරුවේ සැකපිට සැකකරු අත්අඩංගුවට ගෙන ඝාතනය සදහා යොදාගත් අඩි දෙකක් පමණ දිගැති මන්නයද සොයාගත් බව පොලිසිය කීය.
කළුතර, පලාතොට, විජයගම මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 14 හැවිරිදි තරුණයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනයට ලක්ව ඇති තරුණයා සහ ඝාතනය සිදුකල තරුණයාද එකම නිවසේ පදිංචිව සිටින බව සදහන් වේ.
ඝාතනය සිදුකල තරුණයා දින කිහිපයකට පෙර ප්‍රදේශයේ තරුණියකට පෙම්හසුනක් ලබාදී ඇති බවත් එම සිදුවීම ඝාතනයට මුල්වී ඇති බවත් උසස් පොලිස් නිලධාරීයෙක් කීය.
පෙම්හසුන ලබාදුන් තරුණිය සිය පියාට ඒ බව දැනුම් දී ඇති අතර එය තරුණියගේ පියා තරුණයාගේ පියාට දැනුම් දී තිබේ. එයට උරණවූ වැඩිමහල් සොහොයුරා ඊයේ (07දා) උදෑසන බාල සොහොයුරා සමග ආරවුලක් ඇතිකර ගෙන තිබූ බවට තොරතුරු ලැබී ඇතැයිද පැවසේ.
ඝාතනයට ලක්ව ඇති වැඩිමහල් සොහොයුරා රාත්‍රි කාලයේ සිය ත්‍රිරෝදයෙන් කුලී ගමන් ගොස් නිවසේ ඉදිරිපස කාමරයේ නිදා සිටියදී මුළුතැන්ගෙයි තිබූ අඩි දෙකක් පමණ දිගැති මන්නය රැගෙන ගෙලට පහරදී ඇති බවට සැකකරුගේ ප්‍රකාශ වලින් තහවුරුවූ බව පොලිසිය කීය.
නිදි යහහනේදී ගෙලට එල්ලවූ මන්නා පහරින් වැඩිමහල් සොහොයුරා අවධිවී ලේ ගලමින් නිවස පිටුපසට දිවගොස් ඇද වැටී තිබේ.
ඝාතනයට යොදාගත් ලේ තැවරුණු මන්නය නිවස පිටුපසට විසිකර තිබියදී හමුවූ බවට හෙලිව ඇතැයි පරීක්ෂණ සිදුකරන නිලධාරීයෙක් කීය.
කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් (SOCO) , කළුතර කොට්ඨාස අපරාධ පරීක්ෂණ නිලධාරීන් සහ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිල සුනඛ මාකෝ යොදා පරීක්ෂණ සිදු කරන ලදී.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි .
පානදුර සුමිත් පොතුපිටිය