saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 4898 hours ago

LATEST

මෝටර් රථය ගසක හැපී තරුණයෙකු මරුට

calendar_today 2022 සැප් 05 - 12:33 remove_red_eye - 480  

බිබිල පදියතලාව මාර්ගයේ පුවක්පැලේ පුදේශයේ දී ඊයේ සවස 6.45 ට පමණ මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන ගසක හැපීමෙන් එහි ගමන් ගත් දහ නව හැවිරිදි තරුණයෙක් මිය ගොස් ඔහුගේ පියාට බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇතැයි බිබිල පොලිසිය පවසයි.

නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරයේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා නැවතත් පත් කෙරිණි.

Read More

ඒ් අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 4551කි. මීට අමතරව කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45කින් හා කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 21කින් පහළ දමා තිබේ.

Read More

නව ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ලේදී අද (05දා) පෙරවරුවේ විවෘත කෙරිණි. එම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන්නේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතායි.

Read More

වැල්ලවත්ත මායා මාවතේ මහල් 12 කින් යුත් ගොඩනැගිල්ලකින් ඇදවැටීමෙන් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.

Read More

2022 වර්ෂයට පවත්වන්නට නියමිතව ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දින සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 04 වැනි දින සහහ් උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 05 වැනි දින ආරම්භ වීමට නියමිතයි.

Read More

වී අලෙවි මණ්ඩලයට අයත් පොලොන්නරුව අරලගංවිල වී ගබඩාවක 2015 යල කන්නයේ ගොවීන්ගෙන් මිලට ගත් විශාල වී තොගයක් දිරාපත්වෙමින් විනාශ වන බව ප්‍රදේශයේ ගොවින් හා ගොවි සංවිධාන නියෝජිතයන් පවසති.

Read More

රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම හෙට (06දා) දිනයේ සිදුවිමට ඉඩ ඇති බව ආණ්ඩු පක්ෂයේ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි. ඒ් අනුව රාජ්‍ය අමාත්‍යවරු 35 දෙනෙකු පමණ පත්කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රාජ්‍ය අමාත්‍යධුර සඳහා නම් කරන මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් එම පක්ෂය විසින් ජනපතිවරයාට ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

Read More

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. සබරගමුව, බස්නාහාර හා වයඹ පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

බිත්තර අලෙවිය සදහා පාලන මිලක් නියම කරමින් නිකුත් කරනු ලැබූ ගැසට්ටුව කිසිදු හේතුවක් නිසා ආපසු හරවා නොගන්නා බව වෙළඳ හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා 04 දින මාධ්‍ය හමුවක් කැදවමින් පැවැසීය.

Read More

මේ කාලයේ ගිහියෝ බණ කියනවා. සමහර හාමුදුරුවරු වගා කරනවා. දොස්තරලා පොහොර ගැන කථා කරනවා. අපරාධ විද්‍යා උපාධිධාරියා සංවර්ධන නිලධාරී ලෙස වසමක වැඩ කරනවා. මේ වගේ විකෘති ඕන තරම් පෙන්වන්න පුළුවන්. මේ විකෘතියෙන් එළියට මේ රට ගන්න ඕන.

Read More

සෞඛ්‍ය අංශයේ ප්‍රතිපත්තිවල වෙනසක් ඉක්මනින් අවශ්‍ය බන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ජනපති අතර පැවැති සාකච්ඡාවකදී ජනපතිවරයා මේ බව සඳහන් කළේය.

Read More

ස්වාධීන පක්ෂ එකමුතුවේ සුසංයෝගයෙන් අද (04) දින මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රෙය්දී පැවැති මංගල මහා සමුළුවේදී ‘උත්තර ලංකා සභාගය‘ ජනගත කෙරිණි. මෙහිදී ‘‘උත්තර ලංකා සභාගයේ“ නිලධාරී මණ්ඩලය ප්‍රකාශයට පත් කෙරුණු අතර උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ද ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා ද පත්ව තිබේ.

Read More

රටේ පවතින ආර්ථික අර්බුධය ජය ගැනිමට රට භාරගත් නායකයාට පක්ෂ පාට භේද දේශපාලනයෙන් තොරව සහයෝගය දක්වන්නේ නම් මාස හයක් වැනි කෙටි කාලයක් තුල රටේ ආර්ථිකය සමාන්‍ය තත්ත්වයට පත් වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසිය.

Read More

වර්තමාන ආණ්ඩුව යටතේ රාජපක්ෂලාට දේශපාලනයට පැමිණීම සඳහා පාවාඩ එලමින් සිටින බවත්, මේ රටේ සමස්ත ජනතාව ප්‍රතිකේෂේප කළ රාජපක්ෂලා නැවත සුරක්ෂිත කිරීමේ වගකීම ආණ්ඩුව භාර ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය

Read More

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පිවිසෙනවාද? නැත්ද යන තීන්දුව ඔහු ගත යුතුව ඇති බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

’’රටින් පැනලා ගිහිල්ලා තැන තැන රස්තියාදු වෙවි ලංකාවට ආව ගෝඨාභයට දැන් ජනාධිපති කමත් නැහැමන්ත්‍රී කමත් නැහැ පක්ෂයකුත් නැහැ දැන් නිකම්ම නිකම් පුරවැසියෙක් පමණයි, ජනාධිපති මුක්තිය ට මුවා වෙලා නඩු තිස්පහකට උසාවි නොගිහින් කට්ටි පැන පැන හිටිය ගෝඨාභයට දැන් උසාවි යන්නත් සිද්ධ වෙයි. එතකොට හිතෙනවා ආපු එකේ නරකකුත් නැහැ’’ කියලා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

Read More

IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්, ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක පමණ විස්තීරණ අරමුදල් පහසුකමක් සමඟින් රටේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය වීම සඳහා මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට පැමිණීම පිළිබඳව තමන් ඉතා සතුටට පත්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර් ජියෝවා මහත්මිය පැවැසුවාය. මෙය ශ්‍රී ලංකාවට වැදගත් ඉදිරි පියවරක් බව ඇය සිය ට්විටර් ගිණුමෙන් පැවැසීය.

Read More

අගෝස්තු මාසයේදී ලිට්‍රෝ සමාගම රුපියල් ලක්ෂ 7000කට අධික ලාභයක් ලබා ඇති බව එම සමාගම සඳහන් කරයි. එසේම ජූලි මාසයේදීද සමාගම ලාභ ලබන තත්ත්වයට පත්ව තිබුණි.

Read More

තර්ජනය කරල බිත්තර ගහල අපිව බය කරන්න බැහැ. දේශපාලනය කරද්දි අරගලකරුවන්ට අවශ්‍ය විදියට වෙනස්වීමට මම සූදානම් නෑ

Read More

ලංකා ඛනිජ තෙල් සංස්ථාව හඳුන්වාදුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 400ක් පමණ වසා දැමීමට සිදුව ඇති බව ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මහතා පවසයි.

Read More

2022 යල කන්නය සඳහා රජය විසින් ඉන්දීය ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට ගෙන්වන ලද යුරියා පොහොර බෙදාහැරීම් කටයුතු මේ වනවිට සාර්ථකව අවසන් ව තිබේ.

Read More

තුර්කියේ සහ ඩුබායි හි තිරිඟු පිටි අපනයනකරුවන් සමඟ සාකච්ඡා කරමින් රටට අවශ්‍ය තිරිඟු පිටි ලබාගෙන ඉල්ලුම සපුරාලීම සඳහා සාකච්ඡා කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සන්ඩේ ටයිම්ස් වෙත පවසා තිබේ. මේ වන විට පවතින තිරිඟු පිටි හිඟය හේතුවෙන් හිඟය හේතුවෙන් සතොස සහ සමුපකාර අලෙවිසැල්වල පවා තිරිඟු පිටි සිල්ලර මිල ඉහළ ගොස් තිබේ. වෙළෙන්දෝ පැවසුවේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රු. 350ක් සහ 400ක් වන අතර සිල්ලර මිල රු. 360 – 380ක් බවයි. “රුසියානු-යුක්රේන

Read More

ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම වෙනුවෙන් රජය තම සන්තකයේ ඇති වී තොග රජයේ බැංකුවලට උකස් කිරීමට තීරණය කර තිබේ. වී අලෙවි මණ්ඩලය මීට පෙර ලබා ගත් රුපියල් බිලියන දෙකකට ආසන්න ණය තවමත් නොගෙවා ඇති හෙයින් තවදුරටත් වී අලෙවි මණ්ඩලයට ණයට මුදල් ලබාදිය නොහැකි බවට රජයේ බැංකු ප්‍රකාශ කිරිමත් සමග රජය මෙම තීරණය ගෙන තිබේ.

Read More

මොහු සූදු සෙල්ලම් කිරීමත්,පොළියට මුදල් දීමත් කරමින් ඉතා සුඛෝපභෝගි ජීවිතයක් ගෙවා ඇති බවත්,මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය නොවූ බවත් පොලිසිය පවසයි. සූදුපොළක සිද්ධියක් හෝ මුදල් පොළියට දීමේ සිද්ධියක් මෙම වෙඩිතැබීමට හේතුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

Read More

ආසියානු කුසාලන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

රුපියල් හැට හත් ලක්ෂ පනස් දහසක් වටිනා රන් බිස්කට් තුනක් රේගුවට ප්‍රකාශ නොකර නීතිවිරෝධී ලෙස ඇමෙරිකාවට රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ඇමෙරිකානු ජාතිකයෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවට අවුරුදු දෙකක් තුළ ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකතාව ලැබීමත් සමග පැරිස් සමාජය ශ්‍රී ලංකාව වෙනුවෙන් ණය සහන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Read More

සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස සඳහා ඉන්ධන අවශ්‍යතා, ඉන්ධන ගෙන්වා ගැනීමහ, තහවුරු කළ ඇණවුම් හා ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය මුදල් පිළිබඳව සාමාලෝචනයක් කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නායකත්ව ඇකඩමියක් ස්ථාපිත කළ බව පාර් ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.