නව වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය අද (08) ආරම්භ කෙරේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පෙරවරු 10ට නව සභාවාරය ආරම්භ කෙරෙන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය.
නව සභාවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනාධිපතිවරයා සිය කතාවෙන් අනතුරුව පාර්ලිමේන්තුව කල් තැබීම සිදු වෙයි. පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට රථ පෙළපාලි හා ආචාර වෙඩිමුර නොමැතිව චාම් ලෙස සිදු කෙරෙයි.