පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ශ්රි ලංකා පොදුජන පෙරමුණ යටතේ මැතිවරණයට ඉදිරිපත්ව සභිකයෙකු තේරී පත්ව සිට මෙවර වෙනත් පක්ෂ හා කණ්ඩායම් වලින් නාම යෝජනා භාරදුන් සියලුම දෙනා ඉවත්කිරීමට කටයුතු කර තිබෙන බව ශ්රි ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
බදුල්ල දිස්ත්රික්කයේ පළාත් පාලන ආයතන සදහා ශ්රි ලංකා පොදුජන පෙරමුණ යටතේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ හමුවක් බදුල්ල රිවර්සයිඩි හෝටලයේදි ඊයේ (07දා) සවස පැවති අවස්ථාවේදි කාරිය වසම් මහතා එසේ පැවසීය.
පසුගිය මැතිවරණයේදි ශ්රි ලංකා පොදුජන පෙරමුණ යටතේ මැතිවරණයට ඉදිරිපත්ව පළාත් පාලන ආයතන වලට තේරී පත්ව පක්ෂයේ වරප්රසාද ලබමින් සිට මෙවර වෙනත් පක්ෂවලින් නාම යෝජනා භාරදී තිබෙන 200කට ආසන්න මන්ත්රිවරුන් පිරිසක් ඉවත්කිරීමට ලිපි නිකුත් කරමින් සිටින බවත් එවන් අය හැකි ඉක්මනින් ඉවත් කර එම ආයතන සදහා අළුතින් සභිකයින් පත්කිරීමට කටයුතු කරන බවද පක්ෂයේ ලේකම්වරයා පැවසීය.
ලුණුගල ප්රසන්න පත්මසිරි,