අනුර ෆෙස්බුක් ජනපති
13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ක්‍රියාත්මක කර අවසන් බැවින් අලුතින් ක්‍රියාත්මක කරන්න දෙයක් නැතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මේ වනවිටත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ බව ජාතික ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීනී ආචාර්ය හරිනි අමරසූරියද ප්‍රකාශකර ඇති බැවින් තවදුරටත් ඒ සම්බන්ධයෙන් කතා කර වචන ඉස්සරකර ගන්න හොඳ නැතැයිද ඔහු කීවේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ මෙහෙයුම් කමිටුව සමඟ කොළඹදී ඊයේ (7) සාකච්ඡාවකට එක්වෙමිනි.
“ජනතා විමුක්ති පෙරමුණ රටේ මිනිස්සු මරල රට විනාශ කරපු පක්ෂයක්. අපි අවිහිංසාවාදී පක්ෂයක්. අපි මිනිස්සු මරපු පක්ෂයක් නෙවෙයි.කොරෝනා වයිරසයෙන් මිනිස්සු බේරගන්න එන්නත් ටික දෙන්න මැදිහත් වුනේ අපේ මිනිස්සු. ගමේ පාරවල්ටික හදපු, මිනිස්සුන්ට රැකියා අපිට ජනතාව අතරට යන්න බැරි ඇයි?.
අනුර කුමාර දැනටමත් ජනාධිපති ඇඳුම ඇඳගෙන ඉන්නෙ. ෆේස්බුක් එකෙත් ජනාධිපති එයා. ඇවිදින්නෙ, කතා කරන්නෙ තමන් ජනාධිපති කියල හිතාගෙන. හීන දැක්කට කවදාවත් මිනිස්සුන්ගේ හදවතේ ජනාධිපති වෙන්න එයාට බැහැ.ඒක නිසා අනුර කුමාරට දිගටම ඒ හීනයේ ඉන්න කියමු. අපි මහපොළවේ වැඩ ටික කරල මේ රට ගොඩගනිමු.
මීට මාස දෙක තුනකදි තිබුණ තත්ත්වයට වඩා දැන් අපිට තිබෙන තත්ත්වය හොඳයි. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙකක් වුණත් අපි රැස්වීම් පවත්වල ජනතාව අතරට යන්න ඕන.”
popular news
-
rocky Wednesday, 08 February 2023 01:24 PM
Obathuma Kappan Chakrawarthi da?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

