මහනුවර පල්ලෙකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති මධ්‍යම පළාත් ක්‍රීඩා නිලධාරීන් සහ පරිපාලන නිලධාරීන් දැනුවත් කිරීම සඳහා ඊයේ (07දා) පැවැති උත්සව සභාවට පැමිණි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග යන මහත්වරුන් මහනුවරට පැමිණියේ එදින පෙරවරුවේ කොළඹින් පිටත් වූ පොඩි මැණිකේ දුම්රියෙන් වීම විශේෂ සිදුවීමක් විය .
රජයේ මුදල් වියදම අවම කිරීමේ ජනාධිපති වරයාගේ තීරණයට අනුව අමාත්‍යාංශ මුදල් වියදම අවම කිරීමේ අරමුණින් ඔවුන් එසේ මහනුවරට පැමිනීම සඳහා පොදු ප්‍රවාහන සේවය භාවිතා කළ බවයි පවසා සිටියේ .
ෂේන් සෙනෙවිරත්න
