saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 4641 hours ago

LATEST

ලංකාවේ ළමුන් 5කට ඉන්දියාවේදි නොමිලයේ හෘද සැත්කම් 5ක්

calendar_today 2022 නොවැ 03 - 10:08 remove_red_eye - 165  

නියෝනා නම් වූ නොමිලේ හෘද සැත්කම් වැඩසටහනක් යටතේ සංජානනීය හෘද දෝෂ සහිතව උපත ලැබූ ශ්‍රී ලංකාවේ දරුවන් පස් දෙනෙකුට කෝචිහිදී සාර්ථක හදවත් සැත්කම් සිදුකර තිබේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා සැප්තැම්බර් මස 20 වන දිනෙන් පසුව මැතිවරණ කොමිසම් සභාවට නීතිමය බලතල හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.

Read More

කැබිතිගොල්ලෑව රඹකැපූවැව ප්‍රදේශයේ දී පෙරේදා (31 දා) රාත්‍රියේ සිදු වූ වන අලි ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු මිය යෑමේ සිද්ධිය හේතුවෙන් කුපිත වූ ප්‍රදේශවාසීන් මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතව සිටියදී, එම ස්ථානයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට එහි ගිය පොලිස් කණ්ඩායමක සිටි සැරයන්වරයෙකු හට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 14 දෙනා අතුරින් 13 දෙනෙකු මේ මස 10 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන

Read More

බහුජන සංවිධාන විසින් රජයට එරෙහිව පැවැත්වූ විරෝධතාව සාමකාමීව අවසන් විය. මේ වන විට කොළඹ කොටුවේ සිට ටෙක්නිකල් හංදිය දක්වා වූ මාර්ගය යළිත් විවෘත කර තිබේ.

Read More

සංවිධාන රාශයක් ‌ඒක්ව කොළඹ පැවැත්වූ විරෝධතාවට ඒක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලඥයින් පිරිසකට විරෝධතාකරුවන් සිය විරෝධය එල්ල කළේය.

Read More

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය පරදා ලකුණු 5 ක තියුණු ජයක් වාර්තා කිරිමට ඉන්දියාව සමත්විය.

Read More

වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු සංවිධාන රාශියක් රජයට එරෙහිව ඒකාබද්ධව පවත්වන විරෝධතාව සඳහා පොලීසියෙන් බාධාවක් එල්ල වී තිබේ. මෙම විරෝධතා පාගමන ටෙක්නිකල් හංදිය හරහා කොළඹ කොටුවට පැමිණෙමින් සිටින විට එය නැවැත්වීම වෙනුවෙන් පොලිසිය බාධාක දමා තිබුණි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ සියැටෙල් වරායේ සිට කොළඹ වරාය බලා ගමන් ආරම්භ කල ඇමෙරිකානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාගත් පී 627 ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාව, ශාන්තිකර සාගරය සහ ඉන්දියානු සාගරය ඔස්සේ නාවික සැතපුම් 10656 ක් පමණ වූ (කිලෝමීටර් 19734 ක් පමණ) දීර්ඝ මුහුදු ගමනකින් අනතුරුව අද (02දා) උදෑසන කොළඹ වරාය වෙත සේන්දු විය.

Read More

ඉන්දීය ප්‍රහාරාත්මක මැදපෙළ පිතිකරු සූර්යකුමාර් යදාව්, නවතම විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ අංක එකේ ස්ථානයට පත්වී ඇත

Read More

සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ කල්ඉකුත් වු රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා ඖෂධ තොගයක් විනාශ කිරිම සදහා තලවකැලේ ලිදුල නගර සභාව වෙත භාර දි ඇති බව තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති චන්දන ප්‍රදිප් ගුණතිලක මහතා පැවසිය.

Read More

ඕමාන් රජය විසින් ශ්‍රී ලංකාව වෙත රුපියල් මිලියන 191 ක් වටිනා ඖෂධ ආධාර තොගයක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කෙරිණි.

Read More

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගවලදී වැඩිම ලකුනු ලාභියාගේ වාර්තාව තමන් සතු කර ගැනීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි සමත්විය.

Read More

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර අද (2දා) තවත් දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.

Read More

බණ්ඩාරවෙල පූනාගලට ලැබෙන අධික වැසි සමග අද (2දා) පස්වරුවේ කොස්ලන්ද දියලුම දියඇල්ලෙන් විශාල ජල කඳක් ඇදහැලෙන අයුරු දක්නට ලැබිණි.

Read More

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී සිදු වූ ප්‍රචණ්ඩකාරි සිදුවීමේදී මියගිය පොලිස් සැරයන් අංගම්පොඩිගේ සුනිල් මහතා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

Read More

හෙරොයින් මත්කුඩු වලට ඇබ්බැහි වූ පියෙකු සහ ඔහුගේ පුතා යැයි කියන සරසවි සිසුවෙකු තිප්පොළකින් මත්කුඩු ලබාගෙන යමින් සිටියදී මහනුවර මූලස්ථාන පොලීසියේ දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත් කරමින් විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු වටයේ පැවති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය.

Read More

විෂ දුමක් ආග්‍රහණය වීමෙන් පානදුර ප්‍රධාන ප්‍රාථමික පාසලක සිසුන් හතලිහකට ආසන්න පිරිසක් අද (02දා) රෝහල් ගතකර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.

Read More

බොරැල්ලේ සිරිසුමන හිමියන්ව ලබන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ​ ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (02දා) නියෝග කළේය .

Read More

කොරියානු රැකියා අවස්ථා ප්‍රමාණය ඉහළ නංවා ගැනීමටත්, නව රැකියා ලබාගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමටත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඊයේ රාත්‍රියේදී කොරියාව බලා පිටත්ව ගියේය.

Read More

උතුරු පළාතට අක්කර 1000කින් සමන්විත සෆාරි අභයභූමියක් සැකසීම සඳහා සුදුසු ඉඩම් පිළිබදව සොයා බලන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් දී තිබේ.

Read More

පාස්කු ප්‍රහාරයට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ට ගොනු කර තිබූ සියලු චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදින් මහතා පවසයි.

Read More

රසකැවිලි, චොකලට්, බිස්කට්, කේක්, සුවද සබන් යන කලින් ඇසුරුම් කළ භාණ්ඩ, අයිතමයන් හා නිෂ්පාදන සම්බන්ධ සියලුම තොරතුරු ආනයනකරුවන විසින් ඒම භාණ්ඩ නිෂ්පාදන දිවයිනට ඇතුළුවන ස්ථානයේදීම ඒම භාණ්ඩයට අදාළව උපරිම සිල්ලර මිල ඇතුළු තොරතුරු ඒම භාණ්ඩවල සඳහන් කළ යුතු යැයි නියම කරමින් අතිවිශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ සිවිල් සංවිධානය සහ වාත්තීය සමිති සහභාගීත්වයෙන් අද (02දා) පැවැත්වීමට නියමිත විරෝධතා රැළිය සහ පෙළපාලිය සඳහා අවසර ලබා නොදෙන බව පොලිසිය සියලු දේශපාලන පක්ෂ සහ සංවිධානයන්ට ලිපියක් මගින් දන්වා තිබේ.

Read More

හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වල (31) දින සිට පෙට්‍රල් ඉන්ධන හිගයක් පවතින පෙට්‍රල් වාහන හිමියන් පවසයි.

Read More

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් එම බස් රථ දෙකේ ගමන් ගත් දස දෙනෙකු තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

Read More

රුපියල බාල්දු වී ජීවන වියදම දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි සියලු දෙනා පිළිගත යුතු බවත් කුමන තනතුරක් දැරුවත් ජනතාවට යථාර්ථය පැවසිය යුතු බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Read More

තමන් ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රීවරියක් බවට පළවන වාර්තා අසත්‍ය බවත් එසේ පවසන අය එය සාක්ෂි සහිතව ඔප්පු කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකාවේ බලපෑමට ලක්ව ඇති ප්‍ර දේශවල ගොවීන්ට හා ධීවරයින්ට ලබාදීම වෙනුවෙන් ඩීසල් ලිටර් මිලියන 10.6ක් පරිත්‍යාග කිරීමට චිනය කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වන දිනලවලදි හා අයවැය විවාදය පවත්වනු ලබන කාලසීමාව තුළද අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා රජයේ පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් විදේශගත වීම සීමා කළ යුතු බවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයෙ අනුමැතිය ලැබී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.