saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 4653 hours ago

LATEST

ජනපති මන්දිරය අලුත්වැඩියා කරන්න ජනතා මුදල් රු.මි. 364ක්

calendar_today 2022 ඔක් 31 - 17:40 remove_red_eye - 445  

අරගලයට සමගාමීව අරගලකරුවන් විසින් සිය ග්‍රහණයට ගත් ජනපති මන්දිරයට සිදුව ඇති හානි නැවත අලුත් වැඩියා කිරීමට රුපියල් මිලියන 364.8ක මුදලක් වැය වන බව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ප්‍රකාශ කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් පත පවසයි.

විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු කාණ්ඩයේ පැවති තරගයකින් අයර්ලන්තය පරදා ලකුණු 42ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය

Read More

ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගමේ එක් වෘත්තීයක සේවක සංගමයක් වත්මන් පාලන අධිකාරිය සමඟ එකඟතාවයෙන් සාමාජිකයන්ගේ වැටුප 400%කින් වැඩිකර ගැනීමට කටයුතු කර ඇති බවට සෙසු සේවක සංගම් චෝදනා කරති.

Read More

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝම්බර් මාසයේ දී උද්ධමනය 66%ක් දක්වා පහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. සැප්තැම්බර් මාසයේදී මෙරට උද්ධමනය සටහන් වූයේ 69.8%ක් ලෙසිනි.

Read More

සවුදි අරාබියෙහි ආරම්භ කිරීමට සැළසුම් කර ඇති දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතිවල වෘත්තීය රැකියා අවස්ථා ලබා ගැනීමේ අරමුණෙන් සුදුසුකම්ලත් ශ්‍රි ලාංකිකයින්ගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩපිළිවෙලක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ආරම්භ කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සිදුකිරීමට නියමිත පළමු හදවත් බද්ධ කිරීමේ සැත්කම වෙනුවෙන් යොදා ගැනීමට නියමිත මොළය මිය ගිය පුද්ගලයෙකු අද දිනයේදී බදුල්ල මහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත ගුවනින් රැගෙන ආ බව ගුවන් හමුදාව නිවේදනය කරයි.

Read More

තිරිඟු පිටි මිල අඩුවීමට සාපේක්ෂව පාන් ඇතුළු බේකරි නිශ්පාදනවල මිල රුපියල් 10කින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර තිබේ. අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාව තුළ ඩිස්නිලන්තයක් විවෘත කිරීමට තවමත් සූදානමක් නොමැති බව වොල්ට් ඩිස්නි සමාගම සඳහන් කර තිබේ.

Read More

බේරුවල ධීවර වරායේ මුරකරුවෙකු මුහුදට ඇද වැටී අද අලුයම මියගොස් ඇතැයි බේරුවල පොලිසිය පවසයි.

Read More

ලෝක කොවිඩ් ව්‍යසනයෙන් පසු අධ්‍යාපනයේ පරිවර්තනයකට ගමන් කළ යුතු වූ යුනෙස්කෝ සම්මුතීන්වලට අදාළ වන පරිදි 2023 වර්ෂයේ සිට මෙරට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩිනමින් අධ්‍යාපන පරිවර්තනයක් දක්වා පුළුල් කළ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

එතුමිය බ්‍රිතාන්‍ය පුරවැසිකම ලබා ගෙන තිබෙන බවට එතුමියගේ බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රය වගේම බ්‍රිතාන්‍යයේ සංස්ථාපත සමාගම් පිලිබඳ තොරතුරු දැක්වෙන නිල වෙබ් අඩවියේ දැක්වෙන තොරතුරු සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඇය බ්‍රිතාන්‍යෙය් පුරවැසි කම ලබාලන්නා විටම ඇයගේ ලාංකික පුරවැසිකම අහෝසියි. එහෙම නම් ඇය ද්විත්ව පුරවැසිකම සඳහා අයදුම් කළ යුතුයි.

Read More

ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවෙකු මෙතෙක් හඳුනාගෙන නැතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පසුගියදා සම්මත වූ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (31) සිය සහතිකය සටහන් කළේය.

Read More

යල කන්නයේ අස්වැන්නේ අග්‍ර කොටස දළදා සමිදුන්ට පූජාකිරීමේ ’’සිරි දළදා යල් අස්වනු පූජාව’’ මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පසුගියදා (28දා) පැවැත්විය.

Read More

කුරුවිට සිට උඩකඩ හරහා බෝපත්ඇල්ල මාර්ගයේ ගමන්ගත් මෝටර් රථයක් ඊයේ (30දා) සන්ධ්‍යාවේ කීරගල ඇල හරහා ඇති සපත්තු පාලමෙන් එගොඩවීමේ දී ජල පහරට හසුවී ගසාගෙන ගිය බව කුරුවිට පොලීසිය පැවසුවේය.

Read More

යාපනය පේදුරුතුඩුව මුහුදු සීමාවේදී ඊයේ (30) දින දැවන්ත ටොනේඩෝ සුලිකුණාටු තත්වයක් ඇති වූ බවත් ඉන් ධීවරයින් හෝ කිසිවෙකුටත් හානියක් සිදු නොවුනු බවත් පේදුරුතුඩුව ධීවරයෝ පවසා සිටිති.

Read More

හික්කඩුව තිරාණගම මීට් ටිකකට කලින් නාදුනන තුවක්කුකරුවන් තැබූ වෙඩි පහාරයකින් දෙදෙනෙක් මරුමුවට පත්වි ඇතැයි හික්කඩුව පොලීසිය කියයි.

Read More

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා ගමන් ගනිමින් තිබු සුඛෝපභෝගි මෝටර් රථයෙ ගැටී බරපතල තුවලා ලබා සිටි අයකු කුරුණෑගල ශීක්ෂණ රෝහලේදී ඊයේ (30) දින සවස මරණයට පත්ව ඇති බව ඥාතින් පවසයි.

Read More

කඳුරට සම්භවයක් ඇති දෙමළ ජනතාව තවදුරටත් ශ්‍රී ලාංකේය සමාජයට ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ගාලු දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකට අයත් නීති විරෝධී අයුරින් එකලස් කරන ලද ජීප් රථයක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

මෙතෙක් ගණන් කර ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ගණිතමය වශයෙන් අර්ථ දැක්වීමේදී ලූලා ඉදිරියෙන් සිටින බව බ්‍රසීල මැතිවරණ අධිකාරිය පවසයි.

Read More

එවැනි සිදුවීමක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමට රජය උපරිමයෙන් කටයුතු කරන බවද සජීවී විකාශනයකදී ජනපති සූ පැවසීය.

Read More

දැනට මන්දගාමීව පවතින ECTපර්යන්තයේ ඉදිකිරීම් කඩිනමින් නියමිත කාලවකවානු වලට නිමකරන ලෙස වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකරන සාකච්ඡා එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ප්‍රකාශයට පත්කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මහනුවර දී පැවසීය.

Read More

රුසියානු නාවික හමුදා ප්‍රධානියාට අනුව සබ්මැරීනය උතුරු සෙවරොඩ්වින්ස්ක් නගරයේ රුසියාවේ විශාලතම නැව් තැනීමේ මධ්‍යස්ථානය වන සෙව්මාෂ් විසින් ඉදිකර ඇත.

Read More

මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය කිරීමට මුවාවී ආණ්ඩුව ප්‍රාදේශීය සභා මැතිවරණය කල් දැමීමට සූදානම් වන බවත්, මෙවැනි ’සිල්ලර’ වැඩ නොකර මැතිවරණ පවත්වන ලෙස ආණ්ඩුවට සඳහන් කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

Read More

චීනය සමග ආතතීන් මධ්‍යයේ පෙන්ටගනයට B-52 බෝම්බ හෙලන යානා ඔස්ට්‍රේලියාවට යෙදවීමට එක්සත් ජනපදය කටයුතු කරයි.

Read More

වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ශල්‍ය කර්මයකට මුහුණ දී තිබේ. චමීරගේ පාදයක වළලුකරේ ඇතිව තිබූ ආබාධයකට අදාළව මෙම ශල්‍යකර්මය පවත්වා තිබේ. ඔස්ට්‍රේලියාවේදී මෙම ශල්‍යකර්මය සිදුකර තිබේ.

Read More

සිද්ධිය වන විට ගුජරාටයේ අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද එල්ලෙන පාලම මත සිය ගණනක් පුද්ගලයන් සිටි බව වාර්තා වේ.

Read More

රටේ දේශපාලන ස්ථාවරත්වය හා ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පොදුජන පෙරමුණ පුර්ණ සහයෝගය ලබාදෙන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තඹුත්තේගම දි පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.