ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් කොළඹ කොටුව සිට වග දුම්රිය ස්ථානය දක්වා සුඛෝපභෝගී සති අන්ත විශේෂ දුම්රියක් (සීතාවක ඔඩිසි) එළැඹෙන 26 දා සිට ධාවනයට එක්කර තිබේ.
මෙම දුම්රිය එදින සිට සෑම ඉරිදා දිනකම ධාවනයට එක්කිරීමට නියමිතව තිබේ. එස්. 12 බලවේග කට්ටල දුම්රියක් මේ සඳහා යොදවා තිබෙන අතර කොළඹ කොටුවෙන් පෙරවරු 7.15ට ගමන් ආරම්භ කරන දුම්රිය අවිස්සාවෙල්ල වෙත පෙරවරු 9.35ට ළගා වීමට නියමිතය.
නැවතත් අවිස්සාවෙල්ලෙන් පස්වරු 17.25ට ගමන් ආරම්භ කරන දුම්රිය කොළඹ කොටුවට රාත්රී 8.03ට පැමිණීමට නියමිතව තිබේ.
මෙම දුම්රියේ පළමු පංතියේ ආසනයක් රු 500ක් වන අතර යාම් හා ඊම් දෙකටම රුපියල් 800කි.

