මැතිවරණය ගැන කාදිනල්හිමිගෙන් ප්‍රකාශයක්
දේශපාලන බලපෑම් මත මැතිවරණ කල් දමමින් ජනතා පරමාධිපත්‍යයේ බලය උදුරා ගැනීමට දරන උත්සාහය පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරති.
රාජ්‍ය නිලධාරීන් පළාත් පාලන මැතිවරණයට බාධා පැමිණ වීම සිදු කරනුයේ දේශපාලන බලපෑම මත බවට පැහැදිලිව පෙනේන තිබෙන බවද එහි සඳහන් කර තිබේ.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස සඳහන් කර ඇත.
"මැතිවරණ කොමිසම විසින් 2023 මාර්තු 09වැනිදා ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන මැතිවරණය නොපවත්වා සිටීමට ඇතැම් රාජ්‍ය නිලධාරීන් උත්සාහ දරමින් සිටින බව පෙනෙන්නට තිබේ.
මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය පරිසරය සකසා දීමට ජනාධිපතිවරයා ඇතුළු රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බැඳී සිටින අතර, මැතිවරණ කොමිසමට අවශ්‍ය සියලු සහාය ලබාදීමට ඊට අදාළ සියලුම රාජ්‍ය නිලධාරීන් බැඳී සිටිති.
එහෙයින් දැනටමත් ප්‍රකාශයට පත් කර දින නියම කර ඇති පළාත් පාලන මැතිවරණය නිසි ආකාරයෙන් පැවැත්වීමට බාධා කරන ඕනෑම අයෙකු ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් මෙන්ම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝනය කරන බව අපගේ විශ්වාසයයි.
අදාළ රාජ්‍ය නිලධාරීන් මෙලෙස මෙම මැතිවරණයට බාධා පමුණුවන්නේ, ඔවුන් මත එල්ල වී ඇති දැඩි දේශපාලන බලපෑම් හේතුවෙන් බව පැහැදිලි කරුණකි. දේශපාලන බලපෑම් මත, ජනතා විරෝධී ලෙස ක්‍රියා කරමින් ජනතා පරමාධිපත්‍යයේ බලය උදුරා ගැනීමට දරන මේ උත්සාහය පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
මැතිවරණ කල් දැමීම හෝ අවලංගු කිරීම රටේ ප්රජාතන්ත්රවාදය විනාශ කිරීමට දරන ඒකාධිපති උත්සාහයකි. ඡන්දය කල් දැමීමට හේතුව රජය කෙරෙහි නැගී එන ජනතා අප්‍රසාදය නම් එයට මුහුණදීමට හා ඒ ප්‍රතිඵලය අනුව තමන් වෙනස් වීමට තරම් නිහතමානී වීමට මෙන්ම තමන් පරාජයට බියවන බියගුල්ලන් කොටසක් ලෙස ඉතිහාසගත වීම වළකා ගැනීමට තරම් බුද්ධියක් අප රටේ නායකයන් සතුව ඇතැයි අපි සිතමු."
popular news
-
denis mariasingam Tuesday, 21 February 2023 11:31 AM
Deshapalaneta sambanda novi kadinal thuma ethumage vadak balagena hitiyanam ivarai Janathavata vadiya agamika nayakayanta deshapalana amaruwa thiyenne Arthika prasna madde mona mathivaranada
Reply : 33 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

