යූටියුබ් නාලිකාවක් හරහා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි සේපාල් අමරසිංහ ගොනු කර ඇති නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද නියෝග කළේය.
ඒ තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමට ඔහු කටයුතු කිරිමත් සමගිනි.
දළදා මාලිගාව සම්බන්ධයෙන් අගෞරවනීය ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වූ සේපාල් අමරසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලිප පීරිස් අධිකරණයට දන්වා සිටියේ ජ්‍යෙෂ්ඨ නීතීඥ දර්ශන කුරුප්පු තම සේවාදායකයා සමාව ගැනීමට කැමති බවට දීර්ඝ ලෙස කරුණු දක්වා ඇති බවයි.
මෙම නියෝජනය සලකා බැලූ නීතිපතිවරයා සේපාල් අමරසිංහට එරෙහි නඩුව ඉදිරියට ගෙන නොයාමට තීරණය කර තිබුණි.
එවැනි වැරදි නැවත සිදු නොකරන ලෙසට සේපාල් අමරසිංහ ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය.