පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සඳහා මන්ත්රීවරුන් පත්කිරිමේදී විපක්ෂ කණ්ඩායමක් වන නිදහස ජනතා සභාවේ මන්ත්රිවරයෙක් පත්නොකිරිම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්රි විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සිය විරෝධය පළකළේය.
මෙහිදී ඔහු විපක්ෂනායකවරයාට හා විපක්ෂයේ සංවිධායකවරයාට දැඩි විවේචනයක්ද එල්ල කළේය.
"අපේ මන්ත්රී කණ්ඩායම විපක්ෂ කණ්ඩායමක් ලෙස පිළිගනු ලැබුවා. ඒ් අනුව විපක්ෂයේ කාලය අපිට ලැබුණා. 22 වැනි සංශෝධනය අනුව සුළු පක්ෂ හා කණ්ඩායම්වල සාමාජිකයා තෝරා ගැනීමේදීත් අපිට ආරාධනා කළා.
ඒහෙම කරලා තියෙද්දී විපක්ෂනායකවරයාගේ කාර්යලයේදී විපක්ෂ සංවිධායකවරයා ඒ් කාරක සභාව (පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව) සඳහා විපක්ෂයේ නියෝජිතයන් පත්කරන කොට තමන්ගේ කණ්ඩායම්වලින් විතරද පත්කරන්නේ. එතනදීවත් සාධාරණ වෙන්න බැරිනම් මේ විපක්ෂනායකවරයාට, විපක්ෂ සංවිධායකවරයාට මොක්කුද මේ.