මුහුණු පොතෙන් හඳුනා ගත් අනියම් සැමියාට සිය හත් හැවිරිදි දියණිය අපයෝජනය කිරිම සඳහා අනුබල දුන්බව කියන එම දියණියගේ මව සහ අනියම් සැමියා කටුගස්තොට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
කටුගස්තොට පොලිස් බල ප්රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ සැමියා වසර දෙකකට පමණ පෙර මිය ගොස් ඇති අතර කාන්තාව මුහුණු පොත හරහා විවිධ පුද්ගලයින් හඳුනා ගෙන ඇසුරු කරන්නට පටන් ගෙන තිබේ. මෙම පුද්ගලයින් අතර එක් පුද්ගලයෙකු සිය අනියම් සැමියා ලෙස යොදා ගෙන තිබේ .
ඒ අනුව එම පුද්ගලයා නිරන්තරයෙන් ඇයගේ නිවසට පැමිණෙමින් ඇය සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබේ. මේ අතරතුර එක් දිනක ඇයගේ හත් හැවිරිදි දැරියට ඇයගේ රහස් ප්රදේශ ස්පර්ශ කරමින් අපයෝජනයක් කිරීමට අනියම් සැමියා පෙළඹි ඇති අතර ඒ සඳහා දැරියගේ මව වන අනියම් බිරිඳද සිය අනියම් සැමියාට අනුබල දී තිබේ.
මේ සම්බන්ධයෙන් දැරිය සිය නැන්දාට පවසා ඇති අතර නැන්දා විසින් දැරියගේ මිත්තණියට පවසා පොලිසිය වෙත පැමිණිලි කැරනු ලැබ තිබේ.
පොලීසිය මෙ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මෙම දැරියව අපයෝජනයට ලක් කිරිම සම්බන්ධයෙන් මවගේඅනියම් සැමියා සහ එයට අනුබල දීම සම්බන්ධයෙන් දැරියගේ මවද අත් අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ තිබේ.
කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ආර්.සීරාජපක්ෂ මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්රධාන පොලිස් පරීක්ෂිකා පොන්නම්පෙරුම මහත්මිය ඇතුළු නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සිදුකළහ.
මහනුවර මොහොමඩ් ආසික්