දේශිය වෙළඳපොලේ ඉල්ලුමට වඩා එළවළු සැපුයම ඉහල ගොස් ඇති නිසා දේශිය වෙළදපොලේ කිලෝවක එළවළු මිළ සැලකිය යුතු පහළ බැසිම හේතුවෙන් ගොවින් දැඩි පිඩාවට පත් වි ඇති බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
එළවළු මිළ පහළ වැටීම නිසා නුවරඑළිය ප්‍රදේශයේ පිඩාවට පත් වි ඇති ගොවින්ගේ ගැටළු සම්බන්ධයෙන් විමසිමට අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා අද (21) දින එලවළු ගොවිපොලවල් වල සංචාරය කළ අවස්තාවේ මාධ්‍යට අදහස් දක්වමින් ඒ බැව් පැවසිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ ඉල්ලුමට වඩා සැපයුම ඉහල ගොස් ඇති නිසා එලවළු මිල සිඝ්‍රයෙන් පහල බැස ඇති බවයි.
මේ අතර දිවයින පුරා එලවළු ගොවින් එක් කන්නයකදි එකම එලවව වගාවක් එකවර සිදු කිරිම නිසා එලවළු මිල මෙසේ පහත බැස ඇති බවද ඔහු පැවැසීය.
හැටන් ප්‍රදේශයේ එලවළු අලෙවි කරන සිල්ලර වෙලෙන්දුන් කියා සිටින්නේ පසුගිය මාස කිහිපයට සමගාමිව එලවළු මිල විශාල ලෙස මේ වන විට අඩු වි ඇති බවයි.
පාරිභෝගිකයන් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි සිටින නිසා පාරිභෝගිකයන් එලවළු මිල දි ගැනිමෙන් ඉවත් වි සිටින නිසා තම ව්‍යාපාර කටයුතුද අඩාල වී ඇති බව ගොවීන් පැවැසීය.


