ලාංකේය සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා සැකසුන ,සංචාරක කාඩ්පත (Travel Card)එලි දැක්වීම හා අවබෝධතා ගිවිසුම (MOU) අත්සන් කිරීම ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දී සිදුවුණා. මෙම කාඩ්පත නිකුත් කිරීමෙන් පසු සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක කර්මාන්තයේ විවිධ සේවාවන් සපයන අය සදහා සංචාරකයන් සමඟ ගනුදෙනු කිරීමේදී විශේෂ වරප්රසාද හිමිවෙයි.
මෙරටට පැමිණෙන සංචාරකයන් ප්රමාණය ගනනය කරගැනීම,ඔවුන් රැගෙන එන ඩොලර් සෘජුව බැංකුවක් සමග හුවමාරු වීම හා සංචාරකයන්ට සුරක්ෂිතව මෙම කාඩ්පත මගින් මෙරට තුලදී භාණ්ඩ හා සේවා ලබාගැනීමට හැකිවීම වැනි ගුනාත්මක සේවාවන් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත
.NDB (National Diwalopment Bank )බැංකුව සමග සිදුකල මෙම ගිවිසුම් ගතවීමේ අවස්ථාවට සංචාරක සංවර්ධන අදිකරියේ සභාපති ප්රියන්ත ප්රනාන්දු මහතා ,NDB ජේෂ්ඨ උප සභාපති සංජය පෙරේරා ,උප සභාපති සෙයාන් හමීඩ්,සහකාර උප සභාපති කාඩ්පත් අශාන් වික්රමනායක හා NDB කොල්ලුපිටිය ශාකාවේ කළමනාකරු කුරේෂ් සප්පිඩීන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා .
