කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ්ස් සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුව අද පාර්ලිමේන්තුව තුළද සාකච්ඡාවට ලක්විය. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමුකළේය.
මන්ත්‍රී හර්ෂද සිල්වා - කිඹුලාවල ස්ට්‍රිට් ෆුඩ්ස් කියලා ස්වයං රැකියා ව්‍යාපාර කරගෙන යනවා ඒක සුද්ධ කරන්න යනවා කියලා කට කථාවක් යනවා?
අමාත්‍ය බන්දුල ගුණවර්ධන - කට කථා විශ්වාස කරන්න ඒපා. මාර්ග ආඥා පනත අනුව පාරවල්වල ඉරි යොදලා මගින්ගේ හා වාහනවල සුරක්ෂිතතාවට අදාළ නීතිරීති පද්ධතියක් ක්‍රියාත්මක කරනවා. ඊට ඒහා පැත්තෙන් මගීන්ට ගමන් කිරීමට තීරු සකස් කර තිබෙනවා.
අපි කැබිනට් මණ්ඩලයට ඉදරිපත් කළා මහා මාර්ගවල තිබෙන ස්ථාන වඩා සැලසුම් කිරීමට ඒ්වාට මහජනතාවට ඇතුළුවීම පහසු කිරීම වෙනුවෙන් හඳුුුනාගත් ස්ථාන තුන්දහස් ගණනක් ඒ් අයට සුදුසු ලෙස සකස් කර දෙනවා.
ඒතෙක් මාර්ග නීතියට පරිභාහිරව ක්‍රියාත්මක වන දේවල් ඉවත් කිරීම සඳහා මේ ස්ථානය පමණක් නෙමෙයි ලංකාවේම තියෙන ස්ථාන සඳහා නීතිය අනුව ක්‍රියාත්මක වෙනවා. කිසිඳු පුද්ගලික න්‍යාය පත්‍රයක් නෑ.
මේ ස්ථානය ගැන නාගරික සංවර්ධන අධිකාරියට පවා පැමිණිලි ලැබුණා. මෙය ඉවත් කරන්න කියලා දැනුම් දීලා තියෙනවා. මේ ගැන විස්තරාත්මක පැහැදිලි කිරිමක් කරන්නම්.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග - මෙතන සතිය පුරාම ක්‍රියාත්මක වෙනවා. කඩවලින් පැමිණිලි ඇවිත් තියෙනවා ව්‍යාපාර කරගෙන යන්න බෑ කියලා. පිරිසුදු භාවය ගැන පැමිණිලි ලැබී තිබෙනවා. මේ ගැන අද සාකච්ඡාවක් තියෙනවා. ඒය විධිමත් කිරිමට කටයුතු කරනවා.
මන්ත්‍රී විමල් වීරවංශ - ලංකාවේ සාර්ථකවම ගෙනිච්ච වීදි ආහාර තමයි ඒ කිඹුලාවල වීදි ආහාර ප්‍ර දේශය. මෙතන වාහන තදබදයක් වෙනවමන් ඒකට ක්‍රියාමාර්ග ගන්න. මේ අවස්ථාවේදී ජීවිකාව ගෙනියන්න කටයුතු කරන අයට බාධා කිරිම සහගහන අපරාධයක්.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග - මේක ඉවත් කිරිමට කටයුතු කරලා නෑ. ලෝකේ හැම රටකම මේවා තියෙනවා. මේවට ක්‍රම වේද තියෙනවා. අපි ඒ ක්‍රමවේද අනුගමනය කරනවා මිසක් මේක ඉවත් කරන්නේ නෑ.