දෙමටගොඩ ධර්මාරාම පාර කාලිපුල්ලවත්ත නිවසක සඟවා තිබූ තියුණු ආයුධ තොගයක් සමග නිවසේ හිමිකරු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. සැකකරු සමඟ කඩු 13 පොලිස් භාරයට ගෙන ඇත.
එම නිවස තුළ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු වන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්. එල්. ආර්. මධුරංග මහතාට ලද තොරතුරක් අනුව නිවස වටලා සිදු කළ පරික්ෂාවේදී පොහොර උරයක දමා තිබූ කඩු තොගය සොයා ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් නිවෙස් හිමිකරු වන සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී කාලිපුල්ල වත්ත ට නිරතුරුවම ආ ගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පරිප්පුවා නමැත්තා ගේ සහෝදරයා වන වරුණ ලක්මාල් මධුරංග ගේ නම පවසා මුහුණ පුරා රැවුල වවාගත් දෙදෙනකු විසින් මීට සති දෙකකට පමණ ඉහතදී රාත්‍රී 1130 ට පමණ ආයුධ තොගය නිවෙසෙහි තබා ආපසු රැගෙන යන බව එම ආයුධ තොගය නිවසේ තබා පිටත්ව ගිය බවයි.
ආයුධ තොගය සම්බන්ධයෙන් සැකකරු සිදුකරන ප්‍රකාශ සත්‍ය දැයි සෙවීම සඳහා දීර්ඝ විමර්ශනයක් සිදුකරන බව පොලීසිය කියයි
ඉකුත් දෙවැනි දින දෙමටගොඩ ලක් හිරු සෙවන මහල් නිවාස සංකීර්ණයේ පදිංචි පුද්ගලයකුට පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසිය මගින් වරුණ ලක්මාල් මධුරංග නමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවට තොරතුරු අනාවරණය වී යැයි පොලිස් නිලධාරියකු පැවැසීය