saravita-anim2

2026 ජනවාරි මස 21 වන බදාදා

2026 ජනවාරි මස 21 වන බදාදා

Latest News - timelapse 4816 hours ago

LATEST

ගංජා ළඟ තබාගත් මොනරාගල SSP රිමාන්ඩ්

calendar_today 2023 ජන 13 - 18:34 remove_red_eye - 335  

ගංජා ලඟ තබාගැනීම,නිධන්වස්තු සෙවීමට අනුබලදීම ඇතුළු විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් අත්අඩංගුවටගෙන ඊයේ (13) සවස මොනරාගල දිසාවිනිසුරු සහ මහේස්ත්‍රාත් ඒ.එල් සජිනී අමරවික්‍රම මහත්මිය හමුවට ඉදිරිපත්කරන ලද මොනරාගල වැඩබලන ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.බී.එස්.එස් සිසි

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වී වගාවට වැළ දී ඇති මූල ගැටිති වටපණු රෝගය හෙවත් Nematode නැමැති රෝගය වැළඳීමට හේතුව විදිමත් ක්‍රියාවලියක් අනුගමනය නොකරමින් නිසි ප්‍රමිතියට සකස් නොකරන ලද කාබනික පොහොර නිසා ද? යන්න පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පවසයි.

Read More

නිල සංචාරයක් සඳහා පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් (CPA) ස්ටෙෆ්න් ට්විග් මහතා අද (13දා) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

Read More

කොටුව ජනාධිපති නිල නිවසින් පසුගිය වසරේ ජුලි 9දා අරගලය අවස්ථාවේදී සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක මුදල පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ගන්නා ලෙස පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (13දා) නියෝග කළේය.

Read More

දෛනික දුම්රිය ගමන් වාර සංඛ්‍යාව ලබන සඳුදා සිට 30 කින් අඩු කිරීමට තීරණය කළ බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඊයේ (12දා) ලබා දුන් තීන්දුව, රටේ යුක්තිය, සාධාරණය අගයකරන සියලුදෙනාට වැදගත් ඓතිහාසික තීන්දුවක් බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

Read More

මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වූ පුලතිසි සිග්‍රගාමි දුම්රිය ගල්ඔය දුම්රිය නැවතුම්පොළ ආසන්නයේදී වන අලියෙකු ගැටීම නිසා දුම්රිය පිලිපැනීමකට ලක්ව තිබේ.

Read More

මෙරට අරක්කු, පොල් රා, තල් රා වැනි මත්පැන් වර්ග රටවල් තිස් පහකට අපනයනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

දේශපාලන රැස්වීමක් අතරතුර හදිසියේ හෘදයාබාධයකට ලක්ව මියගිය හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඒ මහතා බිරිඳ වන චන්ද්‍රිකා ප්‍රියංගනී කුරේ මහත්මිය ඉල්ලා සිටියාය.

Read More

ෆිච් රේටින්ග්ස් ආයතනයේ නව ශ්‍රේණිගත කිරීම් අනුව මෙරට බැංකු 10 ක ශ්‍රේණි ගත කිරීම් පහළ දමා ඇත.

Read More

හැටන් වන අඩවි කාර්යාලය යටතේ පාලනය වන හැටන් රුවන්පුර ජනපදය ආසන්නයේ පිහිටි යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයේ අද (13දා) ගින්නක් හටගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුමත සංඛ්‍යාව 200,783ක් වුවද ලබන 2024 වසර වනවිට මුළු ඇස්තමේන්තුගත සංඛ්‍යාව 135,000ක් දක්වා අඩු වනු ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ලෝ ප්‍රකට ගායක එල්විස් ප්‍රෙස්ලිගේ, දියණිය වන ලීසා මාරී ප්‍රෙස්ලි හෘදයාබාධයක් හේතුවෙන් සිය නිවසේදී ඊයේ (12දා) මියගොස් තිබේ.

Read More

ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාරගේ වැඩ තහනම් කර තිබේ.

Read More

ණය ගෙවීම සඳහා කාලය තවත් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් කර තිබූ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස තවත් මාස 06කින් එම කාලය දීර්ඝ කර තිබේ.

Read More

මොණරාගල කොට්ටාශය භාර හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර මහතාගේ නිවසේ, සිවිලම මත තිබියදි, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගන්නාලද ගංජා තොගය,ඒ මහතාට සැපයිම සමිබන්ධයෙන් සැකපිට ඇතිමලේ පොලිස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජය ධර්මදාස මහතා අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ නිළධාරින් පිරිසක් විසින් ඊයේ (12දා) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුහ.

Read More

වී වගාව ආශ්‍රිතව දැනට පැතිර යමින් තිබෙන රෝග තත්ත්වයන් පිළිබඳව විමසිලිමත් වන ලෙසත්, වැරදි උපදෙස් මත අනිසි ලෙස කෘමිනාශක නොයොදන ලෙසත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Read More

එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම පරාජයන් ප්‍රමාණයක් ලැබූ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ. ඉන්දීය කණ්ඩායම හා ඊයේ පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක පරාජයක් ලැබීය. මෙම තරගය පරාජයත් සමගින් ශ්‍රී ලංකාව එක්දින පිටියේ ලැබූ පරාජ සංඛ්‍යාව 437ක් බවට පත්විය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක, හිටපු බස්නාහිර මහ ඇමතිවරෙයක් මෙන්ම හිටපු ආණ්ඩුකාරවරයෙක්ද වන රෙජිනෝල්ඩ් කුරේ මහතා අද අලුයම මියගොස් තිබේ.

Read More

“නමෝ නමෝ මාතා – සියවසකට පියවරක්” තේමාව යටතේ පැවත්වෙන මෙම අභිමානවත් උළෙලේදී 2048 වසරේ 100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉදිරි වසර 25 සඳහා රජයේ නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මග ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතය.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අත්අඩංගුවට ගත් සහකාර කළමනාකාරවරයාගේ මරණයට හේතුව මොට ආයුධවලින් පහර දීම හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තරයේ ඇති වූ ලේ ගැලීම් බව මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇතැයි පොලිසිය කියයි.

Read More

ඉන්දියාවේ දිල්ලි සහ වෙනත් විවිධ ප්‍රාන්තවල තාවකාලික පැල්පත්වල ජීවත් වෙමින් විවිධ සොරකම් කළ ලාංකිකයන් හතර දෙනෙක් ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී දමිල භාෂාව කථා කරන එක් පුද්ගලයෙක් සන්තකයේ තිබී ඉන්දීය රුපියල් ලක්ෂ 46.5ක්ද ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

කටාර් පුණ්‍යායතනයේ (කටාර් චරිටි) මෙම වසරේදී ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 11ක් වටිනා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට හඳුනාගෙන ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී යූසෙෆ් අල්-කුවාරි මහතා පවසයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජිත ඇමෙරිකානු ඩොලර් මිලියන 2900ක මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාව වෙත ලැබීම තවදුරටත් ප්‍රමාද වෙනු ඇතැයි ජාත්‍යන්තර පර්යේෂණ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් ආයතනය පවසයි.

Read More

නිදහස් සැමරුම් උත්සවය සඳහා රුපියල් කෝටි 20ක් වියදම් වන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක් ප්‍රියන්ත මහතා පවසයි.

Read More

ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි තරගයේ මුලින්මන පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39.4කදී සියලු දෙනා දැවී ලකුණු 215ක් රැස්කිරිමට සමත්විය.

Read More

අලුතින් යෝජනා කරලා තියෙන අය ක්‍රමය යටතේ රුපියල් 214 කියන ඒක රුපියල් 753 දක්වා වැඩිවෙනවා. රුපියල් 674ට තියෙන එක රුපියල් 2 178ක් දක්වා වැඩිවෙනවා.

Read More

පාදුක්ක පානළුව ප්‍රදේශයේ පිහිටි රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයෙකු රාජකාරිය කරමින් සිටියදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අත්සනින් යුත් ලිපියක් රැගෙන නව සභාපති තනතුරට තමන් පත් කළ බව පවසමින් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථා පරිශ්‍රයට අද (12දා) පැමිණි පුද්ගලයකු වෘත්තිය සමිති සේවකයින්ගේ විරෝධතාවය හමුවේ හරවා යැවීමට කටයුතු කළ බව එහි වෘත්තීය සමිති සේවකයින් පවසති.

Read More

ප්‍රභල ඉන්දියාවට එරෙහිව මංගල තරගයට ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් රැස්කළ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 50ක් රැස්කරගෙන සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුව පිටියෙන් ඉවත් විය. ඔහු පන්දු 63කදී ලකුණු 50ක් රැස්කිරීමට සමත්වූ අතර එයට හතරේ පහර හයක් ඇතුළත් විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.