ගංජා ලඟ තබාගැනීම,නිධන්වස්තු සෙවීමට අනුබලදීම ඇතුළු විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තු මගින්ව මගින්න් අත්අඩංගුවටගෙන අද (13) සවස මොනරාගල දිසාවිනිසුරු සහ මහේස්ත්‍රාත් ඒ.එල් සජිනී අමරවික්‍රම මහත්මිය හමුවට ඉදිරිපත්කරන ලද (සේවය අත්හිටවූ) මොනරාගල වැඩබලන ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.බී.එස්.එස් සිසිල කුමාර අතුළු පිරිස එළැඹෙන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඔහුට අමතරව ඇතිමලේ පොලිස් ස්ථානාධිපති එම්.එම් සංජය ධර්මදාස,ජේෂ්ඨ පොලිස් අධිකාරී නිල රියදුරු පොලිස් කොස්තාපල් 80736 බී.බී සසිඳු මධුශාන්, ඔක්කම්පිටිය සේරුවත්ත පහලගම පදිංචි ආර්.එම් දුලංජන සේනක,මොරටුව එගොඩ උයන සාගර මාවතේ පදිංචි වීරසිංහගේ උපේක්ෂා ලංකා සිල්වා,බුද්ධම වැල්ලේගලවත්ත පදිංචි ටී.එම් නිලන්ත සංජීව පුෂ්පකුමාර යන සැකකරුවන්ද එදින දක්වා රක්ෂිත බන්ධනාගර ගත කෙරිණ.
සැකකාර මොරටුව එගොඩඋයන නදී මාවතේ පදිංචි වීරප්පුලිගේ එමෝද්ය කවිශංඛ නැමති සැකකරු රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇපමත මුදාහරින ලද අතර ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණයට ඉදිරිපත්කරන ලෙස නියෝග කෙරිණි.
2023/01/10 වෙනි දින මොනරාගල බිබිල පාරේ පිහිටි ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිවසේ තිබී ගංජා කිලෝ 22 ග්‍රෑම් 510 සහ නිධන්සෙවීමට උපයෝගීකර ගන්නා ස්කෑන් යන්ත්‍රයක් ඇතුළු උපකරණ කිහිපයක් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් සැකකරුවන් සමඟ අත්අඩංගුවටගෙන තිබිණි.
ඊට අනුබලදීම සම්බන්ධයෙන් ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා ඊයේ (12) වෙනිදා අත්අඩංගුවට ගන්නා ලදි. නීතීඥවරුන් වන වසන්ත බණ්ඩාර,සුසන්ත රත්නායක,පියරත්න බණ්ඩාර,දිනූෂා ඕපනායක,නිහාල් චන්ද්‍රසිරි යන මහත්ම මහත්මීන් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතරඅපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී දන්තනාරායන මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූහ.
මොනරාගල සුමනසිරි ගුණතිලක