දෛනික දුම්රිය ගමන් වාර සංඛ්‍යාව ලබන සඳුදා සිට 30 කින් අඩු කිරීමට තීරණය කළ බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්ත්මේන්තුවේ දී අද(13දා) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.
ප්‍රධාන මාර්ගයේ 18ක්, මුහුදුබඩ මාර්ගයේ 8ක් , කැලණිවැලි මාර්ගයේ 2ක් සහ පුත්තලම මාර්ගය් 2ක් එලෙස දුම්රිය ගමන්වාර අවලංගු කෙරේ