මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අත්අඩංගුවට ගත් සහකාර කළමනාකාරවරයාගේ මරණයට හේතුව මොට ආයුධවලින් පහර දීම හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තරයේ ඇති වූ ලේ ගැලීම් බව මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇතැයි පොලිසිය කියයි.
ඒ බව අනාවරණය වී ඇත්තේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලබාදුන් නියෝගයට අනුව විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව බව පොලිසිය කියයි.
පොලිස් පහරදීමෙන් එලෙස මියගොස් ඇත්තේ හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඒ ජි එස් ප්‍රීති කුමාර නමැති 41 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයාගේ ශරීරයේ අභ්‍යන්තරයේ තුවාල 30 කට අධික ප්‍රමාණයක් තිබෙන බවටද ආරංචි මාර්ග සඳහන් කරයි. උපාය දූතයන් ලබාදුන් තොරතුරකට අනුව මියගිය සහකාර කළමනාකාරවරයා වෘත්තීය පුහුණු අධිකාරිය ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන පොලිස් විශේෂ කාර්යය බලකා මරදාන පිහිටි පොලිස් බැරැක්කය අසලට රැගෙන ගිය අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින්ට අසල තිබූ වීදුරු බෝතලයක් කඩා පහරදීමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන් සිදුකළ පහරදීමකින් අනතුරුව තුවාල ලැබූ සහකාර කළමනාකාරවරයා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබිණි.
උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් පස් දෙනෙකු යුත් කණ්ඩායමක් සැකකාර සහකාර කළමනාකාරවරයා අත්අඩංගුවට ගෙන තිබිණි. මරදාන පොලිසිය පරීක්ෂණ පවත්වයි