කුරේගේ මරණය පිළිබඳ පශ්චාත් පරීක්ෂණයක්
දේශපාලන රැස්වීමක් අතරතුර හදිසියේ හෘදයාබාධයකට ලක්ව මියගිය හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඒ මහතා බිරිඳ වන චන්ද්‍රිකා ප්‍රියංගනී කුරේ මහත්මිය ඉල්ලා සිටියාය.
මරණය සම්බන්ධයෙන් කළුතර ශීක්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ.කුමසාරු මහතා ඉදිරියේ අද (13දා) පැවතී හදිසි මරණ පරීක්ෂණයේදී ඇය එසේ ඉල්ලා සිටියාය.
කුරේ මහත්මියට ප්‍රථම සාක්ෂි දුන් රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් ජේ.එම්. සෝමසිරි මහතාගේ සාක්ෂියෙන් පසු ඇය එසේ ඉල්ලා සිටියාය.
වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා ඇතුළු සිව්දෙනෙකු සමග ඇතිවූ උණුසුම් වචන හුවමාරුවකින් පසු අසනීපවූ බව ජේ.එම්. සෝමසිරි මහාතා සාක්ෂි ලබාදෙමින් කියා සිටියේය.
ඒ අනුව කළුතර ශීක්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ. කුමසාරු මහතා පශ්චාත් මරණ පරීක්ෂණයක් සදහා යොමුකල අතර , කළුතර ශීක්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතා ගේ මෙහෙයවීමෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය .
පානදුර සුමිත් පොතුපිටිය
popular news
-
JAYATH Friday, 13 January 2023 08:04 AM
JEEWATH WELAA INNAKAN RATAT MELO WADAK NOKARA WALA PAYAYI GODA PAYAYI THIYAAGENA GEDARATA WELAA INNE NATHUWA THAWAMATH PERETHAKAMATA DESHAPAALANA PAL WALE BAHAGENA INNA GIYAAMA WACHANA HUWAMAARUWAK ATHI MI EKEK AVITH JAYARATHNA EKA HARAHAA KANATHTHATA YANNA
Reply : 0 0
Samson De Silva Saturday, 14 January 2023 01:54 AM
Gevindu, eelangata Ranil Rajapaksa samaga unusum wachana humaaruwakata yannako!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

