පාදුක්ක පානළුව ප්‍රදේශයේ පිහිටි රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයෙකු රාජකාරිය කරමින් සිටියදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අත්සනින් යුත් ලිපියක් රැගෙන නව සභාපති තනතුරට තමන් පත් කළ බව පවසමින් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථා පරිශ්‍රයට අද (12දා) පැමිණි පුද්ගලයකු වෘත්තිය සමිති සේවකයින්ගේ විරෝධතාවය හමුවේ හරවා යැවීමට කටයුතු කළ බව එහි වෘත්තීය සමිති සේවකයින් පවසති.
පෙර දැනුම් දැනුම්දීමකින් තොරව එකම ආයතනයට සභාපතිවරුන් දෙදෙනෙකු එකම දින වාර්තා කිරීම නිසාවෙන් ඇති වූ මෙම අර්බුදයට විසදුමක් ලෙස නව සභාපතිවරයා මෙසේ පලවා හැරීමට කටයුතු කළ බව වෘත්තීය සමිති සේවකයින් පවසති.
රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස වරලත් ගණකාධිකාරිවරයෙකු සහ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ජේ.එම්.සී. ජයසේකර මහතා නීත්‍යානුකූලව පත්ව ඔහු එම තනතුරේ කටයුතු සිදු කරමින් සිටියදී තමන් නව සභාපතිවරයා ලෙස පත්ව ඇතැයි පවසමින් වැඩ භාර ගැනීම සදහා හිටපු රාජ්‍ය බැංකු විධායක නිළධාරියෙකු බව කියන ඒ.ඩී. නිමල් ධර්මරත්න මහතා පැමිණීම නිසාවෙන් දැඩි අර්බුදකාරී තත්වයක් උද්ගත වූ බව පැවසේ.
ජේ.එම්.සී. ජයසේකර වත්මන් සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කල බවට පූර්ව දැනුම් දීමකින් තොරව නව සභාපතිවරයෙකු පත් කර එවීමත් නව සභාපතිවරයා පැමිණිමෙන් පසුව ජයසේකර සභාපතිවරයා තනතුරින් ඉවත් කල බව දන්වා ෆැක්ස් පණිවිඩයක් එවීමත් පිළිබදව වෘත්තීය සමිති සාමාජිකයින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සිය අප්‍රසාදය පළ කළහ.
එම සංස්ථාවේ සභාපති ජේ.එම්.යූ. ජයසේකර මහතා අදහස් දක්වමින්.
මා ඉවත් කරන බවට පූර්ව දැනුම්දීමක් කර තිබුණේ නෑ . මාව පත්කලේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයායි. අධ්‍යාපන ඇමතිවරයාගේ ලිපියක් අර ගත්තු පුද්ගලයක් මෙහි වැඩ භාර ගන්න ආවා. ඊට පස්සේ තමයි අධ්‍යාපන අමාත්‍යවරයා ගේ අත්සනින් මට ෆැක්ස් එකක් ආවේ. තනතුරින් ඉවත් කලා කියල. මම ඉවත් වන්නේ නෑ. පාසල් පෙළ පොත් වලින් සියයට හතලිස් පහක් මුද්‍රණය කරන්නේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවයි. මට ඒ වගකීම තියෙනවා ඒ වගකීම ඉවර කරලා තමා මම ඉවත් වන්නේ. මම ඉවත් උනොත් සේවක වර්ජන නිසා පාසල් පෙළ පොත් මුද්‍රණය ඇණ හිටීවී. නව පත්වීම මම පිළිගන්නෙ නෑ යැයි පැවසීය.
නව සභාපතිවරයා ලෙස පත්ව පැමිණි ඒ.ඩී නිමල් ධර්මරත්න මහතා ගෙන් කල විමසීමේදී ඔහු මෙසේ කීය -
මට පත්වීම ලබා දුන්නේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතායි.අද මම ඇහැරිලා ගියත් හෙට මම පත්වීම භාර ගැනීමට එනවායයි පවසමින් ඔහු එතැනින් පිටව ගියේය.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න