ඉන්දියාවේ දිල්ලි සහ වෙනත් විවිධ ප්‍රාන්තවල තාවකාලික පැල්පත්වල ජීවත් වෙමින් විවිධ සොරකම් කළ ලාංකිකයන් හතර දෙනෙක් ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී දමිල භාෂාව කථා කරන එක් පුද්ගලයෙක් සන්තකයේ තිබී ඉන්දීය රුපියල් ලක්ෂ 46.5ක්ද ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පොලිස් කොමසාරිස් මන්දීප් සිං සිද්ධු පැවසුවේ CCTV දර්ශන පරීක්ෂා කර දකුණු දිල්ලියේ මාදංගීර් ජනපදයේ පිහිටා ඇති ‘තක් තක්’ නම් කල්ලියක් ලෙස ක්‍රියාත්මක මෙම කණ්ඩායම අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් අද (12දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සැකකරුවන් මේ සා විශාල වශයෙන් මුදල් සොරකම් කර ඇති බවට අපේක්ෂා නොකළ බවත් ඔවුන් ආරක්ෂක අංශ වලින් බේරීම සඳහා ජංගම දුරකථන සහ වෙනත් තාක්ෂණික උපකරණ භාවිතා කිරීමෙන් වැළකී සිට ඇති බවත් ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.ෙ
තමිල්නාඩුවේ මදුරෙයි හි පදිංචි මුර්ගන් ලෙස හඳුනාගෙන ඇති එක් සැකකරුවෙක්, උත්තර් ප්‍රදේශ් හි මාදංගීර් ජනපදයේ පදිංචි ප්‍රකාශ් සහ සුරේෂ් යන සැකකරුවන් දෙදෙනා හා නවදිල්ලියේ පදිංචිව සිටි සුරේෂ් නැමැති සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් පසුගිය දෙසැම්බර් 29 වන දින චන්දිගාර් හිදී මෝටඑර් රථයක් තුළ තිබූ මුදල් සොරකමකටද සම්බන්ධ බවට තොරතුරු අණාවරණය කරගෙන තිබේ.
