කටාර් පුණ්‍යායතනයේ (කටාර් චරිටි) මෙම වසරේදී ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 11ක් වටිනා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට හඳුනාගෙන ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී යූසෙෆ් අල්-කුවාරි මහතා පවසයි.
ප්‍රධාන විධායක නිලධාරීවරයා ඊයේ (11දා) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා හමුවූ අවස්ථාවේදි මේ බව ප්‍රකාශ කර තිබේ.
කටාර් පුණ්‍යායතනයේ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ගත් තීරණය සහ කටාර් - ශ්‍රී ලංකා මිත්‍රත්වයේ අනිවාර්ය අංශයක් ලෙස එහි වැදගත්කම විදේශ අමාත්‍යවරයා පිළිගත් බව අමාත්‍යාංශය පවසයි.
කටාර් පුණ්‍යායතනය ලොව පුරා සිදුකරන මානුෂීය මෙහෙවර අගය කළ අමාත්‍යවරයා සෞඛ්‍ය, අධ්‍යාපනය, ආහාර සුරක්ෂිතතාව, මූල්‍ය සවිබල ගැන්වීම්, නිවාස සහ සමාජ සත්කාර යන ක්ෂේත්රවල ශ්‍රී ලංකාවේ අසරණ කොටස් සඳහා මෙහිදී ආධාර ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බවත් කටාර් පුණ්‍යායතනයේ ක්‍රියාකාරී සැලැස්මට අනුව ශ්‍රී ලංකාව සඳහා ඩොලර් මිලියන 11 ක් වටිනා ව්‍යාපෘති හඳුනාගෙන ඇති බවත් ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
කොළඹ කටාර් පුණ්‍යායතන කාර්යාලය යළි විවෘත කිරීමේ උත්සවයට විදේශ අමාත්‍ය අලි සබ්රි ද සහභාගී විය.
