මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වූ පුලතිසි සිග්‍රගාමි දුම්රිය ගල්ඔය දුම්රිය නැවතුම්පොළ ආසන්නයේදී වන අලියෙකු ගැටීම නිසා දුම්රිය පිලිපැනීමකට ලක්ව තිබේ.
අනතුරින් වන අලියා දුම්රිය මාර්ගයෙ මිටර් 15 ක් පමන ඈදිගොස් ඇත. මෙම අනතුර නිසා දුම්රිය මාර්ගයෙ කොන්ක්‍රීට් සිල්බර කොට 10ක් පමන කැඩිගොස් තිබේ.
අනතුරට මුහුණ දුන් වන අලියා දුම්රියෙ ඉදිරිපස ඇන්ජීම තුල සිරවි සිටි බැවින් හතරැස් කොටුව පොලීසිය විසින් දුම්රියේ පැමිනි පිරිස් බස්රථ වලින් පිටත් කර හැර තිබේ.
මෙම අනතුරින් මිය ගිය වන අලියා අවුරුදු 20ක් පමන වන බව වනජීවි නිලධාරීයෙකූ පැවසුවේය.
කවූඩූල්ල සහ මින්නේරිය වන උද්‍යාන වල ඉන්න වන අලින් මෙසේ දුම්රිය මාර්ගය හරහා රංචු පිටින් මාරුවන වීට මෙම අනතුරු වලට මුහුණදෙති.

