saravita-anim2

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 4076 hours ago

LATEST

විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

calendar_today 2023 ජන 09 - 19:46 remove_red_eye - 765  

(UPDATE) විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

යුක්රේනයේ සිට ශ්‍රී ලංකාව වෙත තිරිඟු ටොන් 49500ක් රැගත් නෞකාවක් යුක්රේන වරායෙන් පිටත්වූ බව ඒකාබද්ධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නව පුහුනුකරු ලෙසින් ස්පාඤ්ඤ ජාතික රොබටෝ මාටිනස් පත්කොට ඇත. මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් පසු පෘතුගාලය සිය ජාතික පාපන්දු පුහුණුකරු වූ ෆර්නැන්ඩෝ සැන්ටෝස් කණ්ඩායමෙන් ඉවත් කලේය.

Read More

විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් කම්කරු සහ රැකී රක්ෂා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කෝප් කමිටුවේ දැඩි අප්‍රසාදය පළකර ඇති ඒ පිළිබඳව ජනපතිවරයා දැනුවත් කිරීමටත් කෝප් කමිටුව තීරණය කර තිබේ. මේ පිළිබවඳ කථානායකට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තුවට විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමටත් තීරණය කර තිබේ.

Read More

දකුණු අප්‍රිකානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වෙයින් ප්‍රිටෝරියස් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට තීරණය කර ඇත

Read More

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත උපාධිධාරී ගුරු පුරප්පාඩු පිරවීම සඳහා දීපව්‍යාප්ත මට්ටමින් විභාගයක් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන අතර එම ප්‍රතිඵල පළාත් මට්ටමින් ලබා දුන් පසු 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ පළමු වාරය ආරම්භ වන විට ගුරුවරුන් ලෙස පරිවාස පදනමින් පත්වීම් ලබා දී ගුරු ඩිප්ලෝමාව ලබාගත් පසු ඔවුන් ස්ථිර කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

Read More

ඇය ජනපතිධුරය හෙබවූ කාලය තුළ ශ්‍රී ලංකාව පුරා සිදුවූ බෝම්බ පිපිරිම් හා මරාගෙන මැරෙන ප්‍රහාර ලැයිතුව හා මියගිය දහස් ගණනක් සිවිස්ල වැසියන් මෙන්ම සොල්දාදුවන්ගේ සංඛ්‍යාව ඉදිරිපත් කිරිම පහසු කටයුත්තක නොවන බවද ඔහු පවසයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.9කට සීමා කරන ප්‍රකාශ සිදු කරනු ලබන්නේ IMF හි ක්‍රියාකාරිත්වය ගැන නොදන්නා කණ්ඩායම් විසින් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි. රාජ්‍ය අමාත්‍ය වරයා මෙසේ ප්‍රකාශ කර සිටියේ ඊයේ (08දා) අනුරාධපුර ප්‍ර‌දේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි.

Read More

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ ජේෂ්ඨ නිලධාරීන් රජයේ මුදල් පිළිබද කාරක සභාවට සහභාගී නොවීම සහ ඒ පිළිබදව විධිමත්ව කාරක සභාව දැනුවත් නොකිරීම පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (05) රැස්වූ රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අප්‍රසාදය පළ විය.

Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට තනතුරු හා වරප්‍රසාද ලබාදෙන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍යය හෙළි වීම වැළැක්වීමේ අරමුණින් ද යන්න සැකයක් පවතින බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පවසති.

Read More

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගැබිණි මාතාවන් 2589ක් නිරාහාරව සිටින බවට උතුරු මැද පළාත් සෞඛ්‍ය අංශ සිදු කළ හෙළිදරව්වක් මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය කර මිහින්තලය ග්‍රාම සේවා තුලාන 25ක වෙසෙන ගැබිණි මාතාවන්, කිරි දෙන මව්වරුන් විශාල පිරිසකට මාස 3කට සෑහෙන පෝෂදායි ආහාර මල්ලක් සහ පෝෂදායි දිවා ආහාරයක් ලබා දීමේ වැඩ සටහනක් පෙරේදා ( 8දා) මිහින්තලේ රජ මහ විහාරාධිපති පුජ වලවා හැංගුණවැවේ ධම්මරතන නා හිමිපාණන් ගේ මූලිකත්වයෙන්

Read More

මීගහතැන්න පොලිස් ස්ථානයේ පාලන අංශ ස්ථානාධිපතිවරයාව ඒටිඑම් මැෂින් වලින් මුදල් සොරාගැනීමක් සම්බන්ධයෙන් කල පරීක්ෂණ වලදී අත්අඩංගුවට ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි .

Read More

සියලුම අධිවේගී මාර්ග එකිනෙකට සම්බන්ධවන කඩවත නගරය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය තීරණය කර තිබේ.

Read More

වෙළඳ සැල් 15 ක් කඩා රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ සොරකම් කර සියලු දේ ඇති එක වහලක් යටින් කඩයක් දාන්න සිටී රජවත්තේ කොන්ඩයා නමැති අන්වර්ත නාමයෙන් හදුන්වන පුද්ගලයෙකු සහ ඔහුගේ ගෝලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.

Read More

ලංකාවේ වන ආවරණය 16%ක් දක්වා අඩු වී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව වන සංරක්ෂක ජනරාල් කේ.එම්.ඒ. බණ්ඩාර මහතා සඳහන් කළේය.

Read More

ජාතික ජන බලවේගය හදන ආණ්ඩුවක උපරිම කැබිනට්ටුවේ සාමාජිකයන් ගණන අනිවාර්යයෙන් 25 කට සීමා කරන බවත්,මෙතුවක් කල් පාලකයන් පොල්කටු හැන්දෙන් බෙදාගෙන ජනතාවට කන් හැන්දෙන් බෙදන න්‍යාය වෙනස් කරන බව කළුතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (08දා) මතුගම දී පැවසීය.

Read More

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (9දා ) සිදු කළේය.

Read More

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන ඒක්දින තරගාවලියෙන් ඉන්දිය සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ඉවත් කර ගැනීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

Read More

විදුලි ගාස්තු නැවතත් ඉහළ දැමීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සහ බලශක්ති සංරක්ෂණ ජාතික කමිටුව එක්ව හැට නව ලක්‍ෂයක අත්සන් ලබාගත් මහජන පෙත්සම අද (9දා) පෙරවරුවේ මහජන උපයෝගිතා කොමිසම වෙත බාරදුන්නේය.

Read More

මෙවර මහ කන්නයේ දී වී වගා කරන ගොවි ජනතාව සඳහා චීන රජය විසින් ලබා දෙන ලද ඩීසල් ලීටර් මිලියන 6.8ක් ලබන සඳුදා සිට ගොවීන් හත් ලක්ෂ දෙදහසකට හෙක්ටෙයාර් තුන්ලක්ෂ හැත්තෑදහසක් සඳහා නොමිලයේ ලබා දෙන බව කාෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

අරලිය ගහ මන්දිරය, ජනාධිපති මන්දිරය , ඇක්ලන්ඩ් හවුස් (විසුම්පාය) රට බබලවන තොරතුරු තාක්ෂණය ඉංග්‍රීසි භාෂාව තුළින් නිදහස් නිවහල් අධ්‍යාපන සංකල්පය තුළ නොමිලයේ දූ දරුවන්ට ලබා දෙන වැදගත් ජාත්‍යන්තර තලයේ අධ්‍යාපන ආයතන තුනක් බවට පත්කරනවා

Read More

කඳුකර කොටියන් රාත්‍රි කාලයට නිවෙස්වලට පැමිණීම හේතුවෙන් තමන් මහත් බියට පත්ව ඇතැයි තලවකැ‌ලේ, ආගරපතන නව කොළණිය ගම්මානයේ පදිංචිකරුවෝ පවසති.

Read More

කතරගම - බුත්තල මාර්ගයේ ගමන් ගන්නා වාහන වලට වන අලින්ගෙන් සිදුවන හානි වැලැක්වීමට සහ එම වන අලි පලවා හැරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් ජංගම රථ යෙදවූ බව අමාත්‍යාංශය පවසයි.

Read More

කුවේට් රාජ්‍යයේ ඉරාන දේශසීමාව ආසන්නයේ පිහිටි කාන්තාරයක පවත්වා ගෙන ගිය ගොවිපළක බලහත්කාරයෙන් රදවා ගනිමින්, පහර දෙමින්, ආහාර සහ වැටුප් ලබා නොදෙමින් වැඩ ගනිමින් සිටි ශ්‍රී ලාංකික තරුණයන් 06 දෙනෙකු බලවත් පරිශ්‍රමයක් දරා එයින් බේරා ගෙන අද (09දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

Read More

කොවිඩ් පරීක්ෂණ බලහත්කාරයෙන් නතරකර තැබීම මඟින් ජීවිත අනවශ්‍ය අවධානමකට ලක්වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

Read More

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

Read More

’’දැන් වෝට් එක කියන එක ගැන ජනතාව හොඳටම තෙම්පරාදු වෙලා හැදිලා තියෙන්නේ. මම සතුටුයි මෙහෙම වෙනවනම් අනිත් දේවල් වලදීත්. ඡන්දයක් පාවිච්චි කරද්දී හැමදාම කරපු දේ කරන්නේ නැතිව හරියට හිතලා අභියෝග කරන්න පුළුවන් ඔය තුනේ කෑල් 70 80 පනිනනවා. නාට්ටි බලන්න ඕන. අපිට හදවතට සතුටක් ගේන තත්පරයක්වත් නෑනේ. ප්‍රවෘත්තියක් අහද්දිවත්. අහගෙන ඉන්න. ළංවෙද්දී අලුත් කථා, නාට්ටි එහෙට පෙරලෙනවා මෙහෙට පෙරළෙනවා. ළංවෙද්දී පරණ කථා ආපහු මතක් කරනවා.

Read More

දඹගල්ල පොලීසියට ලද තොරතුරක් මත දඹගල්ල ඉඟුරේතැන්න ප්‍රදේශයේ නිවසක් පරික්ෂාකිරීමේදී අල්මාරියක සූක්ෂම ලෙස සඟවා තිබූ ගජමුතු 08ක් පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.

Read More

එකම පවුලේ මව පියා , කුඩා පුතුන් දෙදෙනා සහ තවත් ගිහියන් දෙදෙනෙකු පැවිදි දිවියට එක්වීම සහ තරුණියන් හැට දෙනෙකු තම දිගු කෙස් කළඹ පිලිකා රෝගීන් වෙනුවෙන් දන් දීම බිංගිරිය සෙනසුන්කුටියේදී දුරුතු පුන් පෝදා සිදු කෙරිණි .

Read More

මොනරාගල කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර යන අය ගංජා සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.