නීති විරෝධීව මුදල් ඔට්ටුවට යතුරු පැදි තරග පැවැත්වීමට සූදානම් වූ තරුණයන් නව දෙනකු අත්අඩංගුවට ගෙන ඊට යොදාගත් යතුරුපැදි හතරක් සිය භාරයට ගත් බව පානදුර උතුර පොලිසිය කියයි.
පානදුර උතුර පල්ලියමුල්ල ප්‍රදේශයේ පෙරේදා (13) රාත්‍රී කාලයේදී තරුණයන් පිරිසක් යතුරු පැදිවල ඝෝෂාකාරී හඬ නංවමින් තරගයට ධාවනය කරන බවට පානදුර දුර පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාට ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව සිය සඳහන් කරයි.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් තෙවන යතුරු පැදි තරඟය පැවැත්වීම සඳහා සූදානම්ව සිටි බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් තරුණයන් මොරටුව සහ ඉදිබැද්ද පදිංචිකරුවන් ය. සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස් මත පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් , රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂණ ඒ ඩි මෙන්ඩිස් මහත්වරුන්ගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
බිමල් ශ්‍යාමන්/පානදුර සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම්